කාලය , අවකාශය , බැදිම හා වෙනස් වීම ...

මිනිස්සු වෙනස් වෙනවා කාලයත් එක්කම , මිනිස්සුන්ගේ අවශ්‍යතාත් උන්ගේ හැම මගුලක්ම වෙනස් වෙනවා , උන් හිතනවා උන් එහෙම නෙවේ කියලා එත් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි උන් ඔක්කම වෙනස් වෙනවා උන් ඔක්කම වෙනස් කරගන්නවා ඒ ඒ කාලයට ඒ ඒ අවශ්‍යතාවයට ඒ ඒ වුවමනාවට ..අවුල තියෙන්නේ එතන නෙවේ මිනිස්සු වෙනස් වෙන්ට ඕනි ඒක ඇත්තක් ..එත් උන් කරන්නේ ඒ වෙනසත් එක්ක හැමදේම සාපේක්ෂ කරන එක හැමදේම හරියි කියලා හිතන එක ..ඒ වගේම උන් කලින් කරපු දෙයක් නොතේරෙන කාලේ කරේ ඒ කාලෙට විතරයි හරි යන්නේ දැන් එහෙම බැ ගැලපෙන්නේ නැ වගේ එක එක තැනකට හිරවෙන එක එහෙමත් නැත්නම් තමන්ගේ ඇත්ත තමන්ට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් විදිය අමතක කරලා උනුත් සතුටු නැති මොකද්දෝ තැනක සතුට හොයන එක ..
උන් හොයන සතුට එතන නැති උනාම මොකක්හරි රෙද්දකින් සතුට හොයන එක ..
හැබැයි උන්ම ඒ සතුට තියෙන තැන උන්ගේ හිතෙන්ම වලදාලා කියලා උන් එක්කෝ දන්නවා එක්කෝ දන්නේ නැහැ ..


මේ ඔක්කම ලියන්ට හිතුවේ සමාජෙට , කාලයට , අනුගත වීම තුල ඉදගෙනත් ඇයි අපිට අපි ඇත්තටම සතුටු වෙන දේ කරන්න බැරි වෙන්නේ ..ඇයි අපි අපේ සතුට තියෙන තැන අපි අවංකවම සතුටු වෙන තැන් දේවල් දැන දැනත් එහෙම නොකර ඉන්නේ ....

ලෝකයට පේන්න බොරුවට සතුටු වෙනවට වඩා අපේ ඇත්ත සතුට ගාව අපි නතර වෙන්ට ඕනි ..මොකද කවදාහරි උබලට අපිට ඉතුරු වෙන්නේ මතකයන් පමණක්ම නිසා ..

Comments