ගුරුතුමිද නුඹම විය

නින්ද නැති රාත්‍රියක
සිතුවිල්ල නුඹම විය
නිදින පැය කිහිපයේද
සිහිනයත් නුඹම විය ..
මසිත ගත් හැමදෙයම
මා වින්ද ඒ සැමදෙයම
නුඹම විය නුඹම විය ...

මතක මන්දිර තැනුව
තනුව නැති ගී ලියුව
හදේ මුළු සතර දිග
ජීවිතය නුඹම විය

මද සුළගේ පාව එන
මදනලක හාද උන
ජීවිතය කියා දුන්
ජීවිතය නුඹම විය


කදුළු මත දිවි ගෙවන
නුඹ නැතිව මා සොයන
ආදරය පසක් කල
ගුරුතුමිද නුඹම විය 

Comments