කොල්ලගෙන් කෙල්ලට අමුතු කතාවක් ...


ගුඩ් මෝර්නින් ..
ගුඩ් මෝර්නින් ..
ඇයි ඊයේ මැසේජ් දැම්මේ නැත්තේ ..
ඉතින් ඔයත් දැම්මේ නැනී ....

ඊයෙත් මං දානකම් දැම්මේ නැනී පෙරේදත් එහෙමනි , එකයි බලන් හිටියේ එත් ..මට එහෙම ඉන්ට බැරි නිසයි අදත් දැම්මේ ..අහන් නැතිව ඉන්ට බැරි නිසයි අහන්නේ ...
අදත් දාන්නේ නැත්නම් ඔයා දාන්නේ නෑනි , එක්කෝ මැසේජ් එකකීන් ඇති වැඩේ මොකද්ද , නේද පන ...
ඔයාට ඕනි අයට විතරමනි අවංකවම ඔයා මැසේජ් දානවා ඇත්තේ .. එයාට සුබ වෙන්ට ඕනි දවස මට කෙල උනත් ඔයාට ඇති වැඩේ මොකද නේද ?
එත් ඔයාට තේරුම් ගන්ට බැරි උනාට අදත් මට ඕනි ඔයාගේ දවස හොද වෙන්න , මන් හදවතින්ම සුබ පතන්නේ එකයි ..
එකට ඔයා ..


හ්ම් හ්ම් ... තව sms එකක් එවන්ට වෙනවා ..මේකේ වැඩිය එක දිගට ටයිප් කරන්ට දෙන්නේ නැහැ .. ඔයා දන්නවනි ඉස්සර ඒ ගැන හොදටම ...
හ්ම් ....එක sms එකක් ඔයාට එවුවට පස්සේ ආය එවන්න යද්දී මුල එක වෙනස් වෙනවා අනේ මන්ද කියන්න හිටිය එක නෙවේ ..
හ්ම්ම් ..

මොනා උනත් ඔයාගේ වෙනස මාරයි .. ඔයාට අලුතින් ජීවිතේට කෙනෙක් ඇවිත් ඉන්නවා මන් ඒක දන්නවා ..එත් එහෙම වෙන්නේ කොමද ..කලින් මගෙන් මැසේජ් නැත්නම් මන් එක්ක රණ්ඩු උන ඔයාට දැන් මන් මැසේජ් කරන එකත් අවුල් වෙන්නේ ඇයි ..
ඉස්සර මං නැතිවම බැරි ඔයාට එක පාරටම යාලුවෙක් වගේ විතරක් ඉන්න ඕනි ඕනි ඇයි ...
මන් දන්නවා ඔයා වෙන කෙනෙක්ට ආදරෙයි ..මට ආදරේ කරපු ඔයාට එහෙම වෙන්න පුළුවන් උනි කොමද .. ඇයි  මට එහෙම බැරි ..

මන් හැමදාම කිවුවා මන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා ..මන් වෙනස් නොවී ඉද්දි ඔයාට පුළුවන් වෙන්නේ කොමද ..
අඩුම තරමේ යාලුවෙක් වගේවත් මැසේජ් එකක් දාන්ටවත් බැරි වෙන්නේ ඇයි ....
ඔයා වෙන කෙනෙක්ට ආදරෙයි කියලා දැන ගෙනත් මන් හා කිවුවා යාලුවෙක් වගේ ඉන්නම් කිවුවා .. එත් ඔයාට ඔහම වෙනස් වෙන්න පුළුවන් උනේ කොහමද ?
ඉස්සර මන් ඇහුවා ඔයාගේ ජිවිතේ අදින චිත්‍රයේ මන් කොච්චර ඉන්නවද කියලා ?
ඔයා ඉස්සර පට්ට අවංකයි ඔයා කියුවා බාගයක් විතර කියලා ..
දැන් මන් ඒ චිත්‍රයේ ඇත්තෙම නැද්ද ?

එහෙමත් වෙන්ට පුලුවන්ද ?
කාලයක් නැතිවම බැරි කෙනා කාලයක් යද්දී තව කෙනෙක් ජිවිතයට ආව ගමන් එපාම වෙනවද ? අමතකම වෙනවද ?
වෙනද ඔයා පොඩ්ඩක් ගෙදරින් ෆ්‍රී උන ගමන් ගන්න කෝල් එක දැන් වෙන කටවත්ද ගන්නේ ..
වෙනද මට කෝල් මී කියන මැසේජ් එක දැන් වෙන කටවත්ද යන්නේ ..
මිනිස්සුන්ට එහෙම වෙනස් වෙන්න පුලුවන්ද ?
උන් ඒ තරම් කුහක ජාතියක්ද ?
අපිට කෙනෙක් ජිවිතයට ආව  ගමන් අනිත් කෙනාව එක පාරටම අතරින්ට පුලුවන්ද ?
එහෙම අතහරින වානම් ඔයාට තව කෙනෙක් අවොත් ඔය කෙනත් අතාරින්නෙ නැති වෙයිද එයා ?

එයාටත් කෙනෙක් අවොත් ?
එක්කෝ එයත් කෙනෙක්ව අතහැරලා ඔයත් එක්ක ඉන්නවනම් ?

මැසේජ් එක මල්ටි මීඩියා එවන්ට වෙන්නේ ඔයාට .. හම්බෙන්නේ නැති වෙයිද දන්නේ නැ ..

මන් මිනිස්සුන්ට ආදරෙයි මොකද මට තාම හැමදේම උගන්නන්නේ උන්ම නිසා මාත් මිනිහෙක් නිසා ..

එත් ඔයා ඔයා තමා මට ගොඩක් උගන්නන්නේ මිනිස්සු කියන්නේ මහ අමුතුම කොටසක් කියලා ..
මන් තාම  ආදරෙයි ඔයාට එත් ....ඔයා ආයම එනවට කැමති නැහැ ..

මොකද වැස්සක් ගැන විශ්වාශ කරන්න අමාරුයි ...

හැමදේම නැතිවෙලා යනකම්ම් වැස්සොත් ....
බුදු සරණයි ඔයාට ..

Comments