උපන් දිනය ...

උපන් දිනය ...
සතුටුයි මචං  .. උපන් දිනයක් අදත් ඔෆිසියේ ..සිරිතක් සල්ලි තියෙන එකා ඔක්කටම බත් එකක් දෙනවා දවල්ට හැබැයි නිලධාරී සෙට් එකට විතරමයි ..හැබැයි ඔය පොඩි පොඩි තනතුරු එහෙමත් නැත්නම් වචනයෙන් කිවුවොත් නිලධාරීන් නොවන කාර්ය මණ්ඩලය උන්ට දෙන්නේ නැහැ ..හැබැයි උනුත් මන් දන්න කාලෙක එකෙක්ටවත් උපන් දිනයක් එක්කෝ තිබිලා නැහැ එක්කෝ උන් එහෙම එකකට කාටවත් නෙවේ ඔෆිසියේ උන්ට මොකුත් දීලා නැහැ එක්කෝ දෙන්ට වත්කමක් නැහැ නැත්නම් ඒක උන්ගේ පුරුද්දක් ..
ඒ හින්දමද මන්ද ලොක්කෝ සෙට් එකත් දෙන්නේ උන් සෙට් එකටම විතරයි ..සල්ලි නැති උන් හරි වෙලාවක් නැති ලොක්කෝ සෙට් එකේ සමහරක් නම් බත් එකක් දෙන්නේ නැතිව මුළු ඔෆිසියටම කේක් කැල්ලක් දීල ප්ලේන්ටියක් ටි එකක් දෙන උපන් දිනත් එනවා ..හැබැයි ඒ උපන්දිනය වැඩිය වටින් නැති සීන් එකක් තියෙනවා .ලොක්කන්ටත් පොඩ්ඩන්ටත් ......
එක ලග උපන් දින දෙකක් සෙට් උනා .. අපි ඉතින් බෝර්ඩ් වෙලා වැඩ කරන උන්නේ ..කන්නේ මාර විදියට ඔය සෞඛ්‍ය ගැන හිතලයි සරලවයි ..ඒ කියන්නේ පාන් කෑල්ලක් එක්ක හොදි ටිකක් ..නැත්නම් හෙළ බොජුන් එකෙන් සමබර රොටියක් වගේ ...හරි ඉතින් එහෙම අපට අතල් එකටත් එක්ක ..( නැ බඩ පුරා කන්ට ) උපන්දින එන එක පට්ට ..
එකත් ලොක්කන්ගේ ...අනිත් උන්ගේ ඒවා වැඩක් නැනි ...කට්ටියම කන ගමන් කතාව ..ඔෆිසියේ පරණ උන් ඒ ගැන මාර කතාවක් ..මිස් කෙනෙක් ඉන්නවා මිස් කිවුවට මිසිස් ..පට්ට රැඩිකල් අදහස් ..ඔලුවේ ඉදන් මුලට එනකම්ම කාල් මාක්ස් , ලෙනින් බේරෙනවා ..හැමදාම ඉතින් කතාව සහෝදරකම් අසාධාරණ කම් ඉවසන්ට බෑ කියලා වගේ තමා ..හැබැයි තනිකරම ප්‍රෝඩාවක් කරන්නේ ඒක හැමෝම දන්නවා ..
එතින් ඒ වගේම චරිතයක් ඉන්නවා ..මෑන් ගැන පස්සේ ලියන්නම් අර වගේම කියලා දැනට හිතන්ට ..පොරට x  මහත්තයා කියන්නම් ..මෙන්න අපි ඔක්කම දැන් එකට කැම කනවා ..
ඇෆ්ෆාට බත් එකේ මස් කෑලි දෙකයි .. කොමත් එක ලග උපන් දින දෙකක් සෙට් උනාම දෙවනියට දෙන එකාට වාසියි මොකද උ අරුට වඩා ටිකක් හරි හොදට දෙන්ට ගේමක් ගහනවා .. අඩුම තරමේ උ මස් කැල්ලක් වැඩියෙන් දීලා හරි මේ පාර ගේමක් දීලා ..
කුකුල් මස් කෑලි  දෙකක්  මට තාමත් මතකයි අර මිස් කිවුවා අර මහත්තයාගේ එකේ නම් තිබ්බේ එක මස් කෑල්ලයි විතරයි කියලා ..අන්න එකයි මේ මහත්තයා හොදයි මාර ගතිගුණ තියෙන ලෝභ නැති කෙනෙක් කියන්නේ ආ නැද්ද .. ....අනිත් x  මහත්තයත් ඒක  එහෙමලු ..... අනේ මන්ද මස් කැල්ලකට එහෙමම අරුගෙයි මුගෙයි චරිතය match වෙනවද ... ඕක කලින් දන්නවනම් මන් මස් කිලෝ ගණන් මුන්ට කන්ට ගෙනත් දෙනවා  ..( ඒක  ආතල්  එකක්  , මුන්ට කන්ට දෙන්ට මට කොහෙන්ද බන් සල්ලි හික්ස් ... )...ඇයි බං මේ ලෝකේ මෙහෙම එක්කෝ ඇයි බන් අපි වෙනස් විදියට දකින්නේ හැමදේම ....වැරැද්ද උන්ගේ නෙවේ බන් ..වැරැද්ද අපේ බන්...

අපෙත් නෙවේ බන් අපිට උගන්නපු උන්ගේ ...උන් ජීවිතය කියවපු විදියට අපිටත් කියවන්ට කිවුව බන් ..උන් ජිවිතේ දැක්ක විදියට අපිටත් දකින්ට කිවුව බන්... උන් 80 උන් බන්...ඒ ජිවිතේ දැන් වලංගු  නෑ බන්....එත් මුන් 80 ටත් එහා උන් 70 60 උන් ...එතකොට 90 ඉදලත් අපි දකින දේ අපිටත් වඩා හොදට මුන් දකින්ට ඕනිනේ බං .....හැමදාම මන් ඔය වයස කාලය සීන් වලදී මගේ පරම හතුරාට මිතුරාට බනිනවා බන් .. උ හද ..එකත් මට මගේ එකෙක් උනි පොඩි කලේ කියවපු බ්ලොග් එකකින් ..උ නියමෙට හද ගැන කියලා තියුනා .. අසාවෙන් උගේ කියවිල්ලෙන් මාත් හද වෙනස් විදියකට ගත්තා  බං ..
 මන් හැමදාම බනින හදත්  පලි නෑ  බන් ..උබ දන්නවාද ...හද පට්ට කෙලින් බන්....උ හැමදාම උගේ රවුමේ උ යනවා බන් දශමයක්වත් ඇද වෙන් නැතිව බන් ...ඒත්  අපි ....අපි ඇද වෙනවා බන් උගේ කෙහෙල්මලි පුංචි වෙනසටත් අපි වෙනස් වෙනවා බන් අ අපිම ඌ ට  බනිනවා බන් ..ඌ පලි නැ  බන් ......... අපි ජිවිතේ දැකලා  නැ  බන් .... දකින්ට ට්‍රයි කරන්නෙත් නැ  බන් ..... අපි පවු බන් ....

Comments