May 9, 2016

පදවැල් මත අකුරු කෙරුව ....

කවිය............

පදවැල් මත අකුරු කෙරුව ....
පන්හිද ලග පාට මැවුව ...
ඇසිපිය ලග හීන මැවුව ....
ආදරයයි විරහ මැවුව ..
 

පෙරුම් පුරන ජීවිතයක

කවිය............

පෙරුම් පුරන ජීවිතයක
පාර කියන හැන්දෑවක ....
නොලියු කවිය
දෙනෙත් අතර
ලියවෙන හැටි අපුරුවට .......

ගලපෙන්නැති එලිසමයක ...
තනුවක් නැති තාලයකට ....
ඔයයි මායි අපුරුවට ....
ගයනා හැටි යුග ගීතය ...
 

නිමක් නැති දුක් අරන් මහා පොලවේ පයගහන්

කවිය............


නිමක්  නැති  දුක්  අරන්  මහා  පොලවේ  පයගහන්
රජ  මැදුරු  යස  ඉසුරු  නැ  පැතුවේ  මුළු  හදින්
සිහින  ලග  කැකෑරෙන  ජීවිතය  පොදි  බැදන්
දිව  යමුද  අපි  ඉතින්  අපේ  ලොව  දෙස  බලන් 

එත් මන් ඔයාට ආදරෙයි

කවිය............
කැවද ඔයා ......
මොකද කරන්නේ ඔයා ......
ඉන්නවද ඔයා .....
හැමදාම මන් මයි අහන්නේ ...
එකම එක දවසක් වත් ඔයා  මොකුත් අහන්නෙම නැහැ ......
දන්නවාද ...එත් මන් තරහා නැහැ ...
ආදරය කියන්නේ එකටලු .. එත් පුදුමේ කියන්නේ
මට දැනෙන ආදරය වෙනස් ද ...
හරි ආදරය කියන්නේ අනිත් කෙනා ගැන හිතෙන්න ඕනි නැ  කියලද ....
අනේ මන්ද ....
එත් මන් ඔයාට ආදරෙයි
මට දැනෙන මගේ ආදරයට මන් ආදරෙයි ......

කවිය

කවිය............



කවිය

ඔයාගේ ඇස් දිහා බලාගෙනම ඉන්න
මන් පෙරුම් පුරද්දී ..
ඒ ඇස් දිහාම ඇහිපිය නොහෙලා
 ඔයා බලා ඉන්නා අපුරුව 

මොකද්ද බන් මේ ජීවිතය ...

කවිය............




මොකද්ද බන් මේ ජීවිතය ...
ෂිට් ...
හැමදේම සල්ලි බන් සල්ලි සල්ලි සල්ලි ....
නිකන් හිතපල්ලා සල්ලි නැත්නම් මොකුත් නැ  ..
වැඩක් නැ බන් ....
මිනිස්සු බල්ලෝ මරලා හරි සල්ලි පස්සේ පන්නගෙන
හති වැටෙනකම් දුවන්නේ ඒ හින්ද වෙන්න ඇති ...
කමක් නැ  බන් ...
මට සල්ලි ඕනි නැ ..බන් ..
ජීවිතය හරියට විදින්න සල්ලි ඕනිම නැ  බන්
මටනම් ......
මහා ලොකු හීන නැ  බන් .....
කාටවත් වදයක් කරදයක් නැතිව ඉන්න තිබුනානම් ඒ ඇති බන් ...

May 6, 2016

එන්න යන්න වන්දනාව ....

කවිය............

හීන මැවෙන ලෝක අතර
පාට  පාට මිහිරි සිහින
එකින් එකට ගුලි කරගෙන
එන්න යන්න වන්දනාව ....

අකුණු ගසා ..
හෙණ පුපුරා ...

යන මාවත හරස් වේවි ...
මග ඇහැරී වෙනස් වේවි ...

නේක බැනුම් ඇනුම් පැදුම්
වට කරගෙන හඩ නගාවී ..

සුමුදු සේල ...
මුතු විල්ලුද ...

යන මාවත නොම තියේවි ..
බොරළු ඇනෙන දෙපා යුගල
රිදුම් දිදී කදුළු දේවි ...

එත් නිබද සත්තයි නුබ
වන්දනාව වැදලා යාවි ......

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....