Jun 7, 2017

අම්මා අප්පා විකුණා හරි ජිවත් වීම ...

සිත්තමක් ජීවිතය



ජිවිතේ ජිවත් වෙන්න ඕනි ..අපි විතරක් නෙවේ ගහ කොළ සතා සිවුපාවා  ..මේ හැමෝම ..එත් එහෙමම කියල අපිව හැදුව ..අපේම දෙමාපියන් විකුණා එහෙමත් නැත්නම් උකස් කරලා එක තත්පරයක් හරි අපි ජිවත් උනත් මොකද්ද ඒ ජීවිතය ..මොකටද ඒ ජිවත් වන තත්පරය ..
අපි හැමෝම කියනවා වැදු මව වගේලු ඉපදුනු ජිවත්වන අපේ රටත් ..මවු රට......

එහෙනම් පුළුවන් වෙන්නේ කොහොමද අපේ රටේ දේවල් විකුණලා අපිට ජිවත් වෙන්න ..එහෙම හිතක් හරි එන්න පුළුවන් උනේ කොහමද ...

ලැජ්ජයි අපි ගැනම ...


Jan 11, 2017

අලුත් අවුරුද්ද අලුත්ම අවුරුදක් වුනා

සිත්තමක් ජීවිතය


අලුත් අවුරුද්ද අලුත්ම අවුරුදක් වුනා ...ගොඩක් ආදරෙන් මගේම කියලා හිතාගෙන උදවු කරපු ආදරේ කරපු ගොඩක් අය එයාලගේ ජිවිතේ මට තියලා තිබ්බ තැන මම තේරුම් ගත්තා ..විශ්වාශ කරන්න මේ ලෝකේ එහෙම හිතපු කවුරුත්ම මට නැහැ කියලා දැනුනම දැනෙන දුක .......ගොඩක් සතුටුයි ..අයි දන්නවාද ..ජීවිතය ඉගෙන ගත්තා  තේරුම් ගත්තා ......සත්තමයි ....හරිම අමුතුයි මිනිස්සු එයාලා තේරුම් ගන්න බැහැ පොඩ්ඩක්වත් ....එත් එකම දෙයක් ගොඩාක් සතුටුයි ...මම ගැනම ..මා අමතක කොට මා සෙවූ මට යලිදු මා මුනුගැසුණු අපූරුව ....මම ආදරෙයි ගොඩාක් අද ඉදන් මටම ..දන්නවා මට මගේම වුන කාටවත් එයාලට මම කවුරුවත්ම නොවුන බව ..එතින් ආදරෙයි මේ දුරුත්තට , මේ නැවුම් බවට ....අහම්බෙන් හරි මගේ මේ ලියන වචන ටික බලන කාට හරි මන් දෙයක් කියනවා අපි අසරණ වෙන්නම ඕනි ඇත්තටම අපිට කවුද ඉන්නේ කියලා  දැනගන්න ......සත්තමයි ........හරිම ආදරෙයි මේ අවුරුද්දට ..ගොඩාක් ආදරෙයි .....ජිවිතේ කියල දුන්නට , ජිවිතේ ඉගෙන්නුවට ............තනියම හිතන්න දැනේවි ...........වැවක් වෙන එකේ රසය .....එත් හීන් දුකකුත් එක්ක ...ගමන යන්න ....යලි යලි අපෙන් ඈත් වෙන අය ඒවි ..සමහරවිට නොවේවි ..ඒ හා සමාන අයත් ඒවි ....උදවු කරන්න ..අද අපෙන් උදවු අරන් අපිටම හිනාවෙන මිනිස්සු ඔනෑ තරම් හිටියත් අපේ හිතට සතුටක් දැනේවි .......අපි මිනිසුන් උන බැවින් ...සුබම සුබ අවුරුද්දක් හැමෝටම ...


ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....