Dec 12, 2025

හෝ හපුටෝ (episode 01 )

 

ඇත ඉදන් එන සුලන් පොද හිතට එකතු කරන්නේ සුන්දර හැගිමක්ද එහෙමත් නැත්නම් අසුන්දර හැගිමක්ද කියාගන්නවත් හිතාගන්නවත් බැරි අවිනිශ්චිත තත්වයක හිත් අවකාශය පරිපුර්ණව පිරිලා තියෙන හැගීම පසෙකලා සුගතේ මාමා  ලෙහෙසියෙන් පිට නොකලවූ සුසුමක් ආයාසයෙන් පිට කරන්නාක් මෙන් වා තලයට මුසුකලේ මීයන් මල පසු එන අමිහිරි මුඩු පිළිකුල් ගදට මුසුවූ පල් වුනු මඩ පස් එකතුව අකාලයේ වයින් සැදීමට බිලිවූ පලතුරු ගෙඩි නොවුනත් ඒ ගෙඩි හැදු ගස් පිටින්ම පල් කලතොත් වඩාත් රසබර නැතහොත් වෙරිබර වයින් හදන්ට සැරසෙන වයින් සදන්නෙකු විසින් පරියෙෂණයකින් ( ඇත්තටම අහබු ) විසින් සකසන ලද වයින් පල වී එන ලෙස හමන දුගදට එහෙමත් නැත්නම් යම් කෙනකුට සුවදක් සේ දැනෙන යම් හෝ ගද සුවද අතර මැදි තත්වයකට හසුවූ යම් හෝ ගදක් හෝ සුවදකට තවත් කියාගත නොහෙකි දුකක් හෝ සතුටක් හෝ ඒ දෙයාකාරයෙන්ම නොවෙන අතරමැදි තත්වයක් හෝ ඇති සිතුවිල්ලකින් තරමක වෙනසක් ඇති වූ පරිද්දෙනි . 


සැබවින්ම එය කිසිදු දිනයක කිසිදු මොහොතක ඇත්තෙන්ම සිහිනයකින් හෝ දැනුනේ නැති ඇත්තටම දැනුනේම නැති කවර කලයකදිවත් අම්ම මුත්තා කලයකදිවත් අසාවත් නැති සිදුවීමකි . ඔවු සැබවින්ම එය අහබුවකි . මේ ලොව සියල්ලක්ම අහබුවක් බව සැබෑවක් නමුදු අහබුවන් අතරත් අහබු මහා වෙනස්ම අහබුවක් වනවා අනත්වත් දැකලා අත් දුටු අහබුවක් නොවන බව සැබෑවක් නිසාම ලා කොළ පාට තද කොළ පාට අතරින් පතර නිල් පාට ඒ නිල් පාට එක්කම ඇති රතු දුබුරු තැබිලි පාට තව කියාගන්න බැරි තරම් පාටක් නැති එත් පාටක් ඇති පාට ... සිතුවිලි දිවදෙස් ගල කන්ද උද සිටම පහලටම මැවී මැවී නිරන්තරයෙන් ගමන් කරන බව දැනී සුගතේ මාමා තම නිකටට වැහැරුණු තම අත තබා ගත්තේ දුටු අයකුට කුමක්දෝ කලකිරීමක් දුකක් තනිවම විද දරාගන්නා අයෙකු සිහියට නංවමිනි . එය සැබෑවක් සේම දිස්විය , බලාපොරොත්තුවක් පෙනෙන තෙක් මානයක නොවුනද බලාපොරොත්තුවක් ඇති කර ගන්නට තරම් වත් බලාපොරොත්තුවක් ඇතිවේයැයි අපේක්ෂාවෙන් ඒ දෑස කොහේදෝ තැනක අතරමන් වී තිබු සෙයකි සැබවින්ම එය එසේම විය .

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

ආයෙමත් ආයෙමත්

  ජීවිතය මරණයට අසල ඇති මොහතකට නැගු ඒ සුසුම් පොද කො කොහෙද සැගවුනේ සුළග නුඹ කියාපන් රුහිරු ‍රත් ලෙයින් පෙගි රතුපාට මිහි තලය තෝ කොහෙද  සැගවුනේ ...