Dec 12, 2025

ආයෙමත් ආයෙමත්





 ජීවිතය මරණයට

අසල ඇති මොහතකට
නැගු ඒ සුසුම් පොද
කො කොහෙද සැගවුනේ
සුළග නුඹ කියාපන්

රුහිරු ‍රත් ලෙයින් පෙගි
රතුපාට මිහි තලය
තෝ කොහෙද  සැගවුනේ
පොලව නුඹ කියාපන්

අදුරු රැ ජීවිතය
ඉල්ලමින් සැරි සැරු
කඩු කිනිසි පොරො මැද
රත් වු ගිනි භටෙන්
නික්ම එන ගිනි පුපුරු

සිසිල් දිය බිදක් සේ
සිප අරන් මිය ඇදුණු
කෝ ඒ වීරයන්
කෝ කොහෙද හැංගුවේ
කෑ ගහල හැමෝටම
ඇහෙන්නට කියාපන්

මව් බිමට ආදරෙන්
මව් බිමේ නාමයෙන්
දිවි පිදූ ඒ විරුන්
සගවන්න නැහැ නුඹට
අයිතියක් පිළිගනින්

නුඹ අවට සැරිසරණ
ඒ වීර සුසුම් පොද
මුමුණමින් කොදුරනා
හඩ හෙ‍ාරෙන් අසාපන්

ඒ පුතුන් නැති සොවින්
හඩන මව් පිය හඩට
කන් දෙකෙන් අබිත්තක්
ඉඩ දීල බලාපන්

ආයෙමත් ආයෙමත්
ඉඩ දීල බලාපන්

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...