සුවහසක් මුමුණනා කදුලක
හිස්තැනක තෙත අත් තියා
අක්මුලක් කිසි නෑර සොයමුද
මංමුලා වුන වැල් සොයා
සෙනහසක ඉඩ ඇහිරී තිබුනද
සාර සංඛ්‍ය දුර වැඩි නියා
සි ක්ලෝන් බුර බුරා නැගෙනවා
රික්තකම තැන් වැඩි නිසා
The Lankan Trail is your ultimate guide to discovering the beauty, culture, and adventure of Sri Lanka. Whether you're an explorer seeking hidden gems, a history enthusiast diving into ancient ruins, or a beach lover looking for serene coastlines, The Lankan Trail has something for every traveler. From vibrant cities to peaceful countryside, and from lush tea plantations to pristine beaches, follow along as we embark on unforgettable journeys across Sri Lanka. Join us as we share tips, itinerari
සුවහසක් මුමුණනා කදුලක
හිස්තැනක තෙත අත් තියා
අක්මුලක් කිසි නෑර සොයමුද
මංමුලා වුන වැල් සොයා
සෙනහසක ඉඩ ඇහිරී තිබුනද
සාර සංඛ්‍ය දුර වැඩි නියා
සි ක්ලෝන් බුර බුරා නැගෙනවා
රික්තකම තැන් වැඩි නිසා
ගෙවුණු තත්පරේම විනදියේම පැයේම දවසම එක්තරා මතකයක් පමණමයි .ඉතින් අපි අඩපු අපි හිනාවුණු හැමදේම අද දිනයේදී මතකයක් පමණයි නම් අපි අද ඉදන් ඊලග අවුරුද්දට නොසෙල්වී උත්සහ කරල බලමු හිනාවෙලා ඉන්න .සුභ අලුත් අවුරුද්දක් වේවා
ජීවිතය මරණයට
නිල් නෙතු තරු මල් ඇහැරුනා
මුතු පිණි වැස්සට සේදුණා
(The Lankan Trail)
සුගතේ මාමා තරුණ කාලෙ කියන්නේ මතකේ ඉන්න අමුතුම සුවදක් වගේ සිහිනයක්.
එයාලා කාලෙ හරි තරම් සෙල්ලම් හිතට හරි පිවිසුමක් තිබුණා.
එ කන්ද — ඒක ඔහුට කන්දක් නෙමේ, ලෝකේ මොනවටවත් හුවමාරු කරන්න බැරි සරණක්.
අදිගැස්සෙන ගහ, හෙමින් බිබී වැටෙන පතුළු ලිය, පාට පාට මල්, පැනපැන යන මීතුඹි…
අද ඒවා නැතිවුණත්, ඔහුට ඒවා සදාකාලිකයි.
තරුණ කාලේ ඔහු එ කන්ද දිහා බලන් ඉඳලා හැම මිනිත්තුවකම දවසේ හුරතල් වෙලා,
අහරහටම හිනාවෙන තරම් සතුට නිතිපතා එන තැනම ඒක.
මිනිස්සු හිනාවෙන්න හුරු වෙලා තියෙන තැනක්.
මිතුරු අත සෙල්ලම් පුරුද්දෙන් ගලපලා ඇවිදින තැනක්.
ඔහුගේ ආදරණිය බිරිද සමගත් එකත්, ඇගේ දුක සතුට හැමදේම,
දරුවොත්, ඔවුන්ගේ දරුවොත්…
ලොකු පවුලක් වගේම සිටියා.
සැම දවසකම, සවිමත් වන්න ලී ගෑන ගියා.
කොළහර මැද සුළඟට වැටෙන සෙර මද හඬ පසුපසින් ඔයාලාට පේනවු අපූරු දසුනක.
පොඩි දරුවෝ ගස් වැලේ නගින්න හුරතල් වෙලා.
ලී, කොල, දර ටිකක්… සෙල්ලම් ලෝකේ හදපු සෙල්ලම් ලෝකයක්.
එ කැලේ ජීවිතේ එයාලගේ මුළු ජීවිතේම බද්ධ වෙලා තිබුන හැටි , නැහැ ඇත්තටම බද්ධ වෙලා තිබුණා.
ගමේ මිනිස්සු තමයි කියන්නේ,
“මේ ගමේ බොන වතුර පාර එන්නේ ගමට දෙවියන් දුන්න උඩම තියෙන රුක්ෂ ගස් ගොන්න ලගින් මේ කන්දේ තැනක්!”
— ඒක ගම්පාළුවොටත්ටවුමේ ඉන්න උන්ට කියන්ට උන්ගේ නෑයන්ට කියන්ට අපි බොන්නේ උබල වගේ ක්ලෝරීන් දාපුවා නෙවේ උල්පත් වතුර පිරිසිදු උල්පත් වතුර කියන්න තරම් ආඩම්බරයක් වුන එකක්.
ඒත් කාලෙ හැමදෙනාටම හිතෙන විදිහට නෙමී යන්නේ.
අලුත් අය ගම්මැද්දට ආවෙත්,
අලුත් ප්‍රයෝජන ගැන හිතුනත්,
එ කන්ද “වටිනාකමක්” කියලා නෙමෙයි “අයිතිමක්” කියලා විහිදෙන්න පටන් ගත්ත දවසේ,
දෙව්දූතයො පවා කඳු මුදුනේ කළබල වුණා වගේ.
ගස් කපන පොරොන්දුවක් එදා තනියට ගහලා,
ලොකුම මුස්සල වැඩේ කරද්දි —
වතුර පාර අත්යවශ්‍යම තැන කපලා දැම්මේ කිසිම හිතක් පපුවක් නැතිම ගානට , හිතක් පපුවක් කෙසේ වෙතත් අමුම අමු වල් සතෙක් ගානට , නැහැ ඒ වචනය සක්සුද්දෙන්ම හරියන නැහැ ඒ කරපු අවලන් වැඩේට ෂිට් තිරිසන්නු නැහැ තිරිසන්නු මුන්ට වඩා කොච්චර හොදද , වචනයක් හොයාගන්න සුගතේ මාමා හිස් අවකාශය දිහා බලන් සුසුම් ලැව ..
මැණික් වගේ පිරිපුන් දියර ලොකු පස් කන්දම අහරගත්ත
පස සැරසී ගොදුරු වෙලා ගියාවු.
අපි දරුවො කාලේ හෙමින් උඩේ නගිං සෙල්ලම් කළේම
අද නැතිවුණා.
ගස් අඩු වුනා…
වතුර අඩු වුනා…
කදුවැල්ලේ සෙරෙල්ල සෙරෙල්ල මැකුනා.
එ දවසේ ලොකු වැස්සක් ඇද වැටුණා.
ගස් නොතිබුණු කන්ද වතුර බහින හැටි ලොවම මරු මොහොතක් වගේ පේනවා.
ඉතින් කන්ද අඩිමාවෙන් ගලන තද දියර ගම්මැද්දම විහිදෙලා,
අවසානයේ නයා ගමට බලා ගියා.
අයියා අම්මා ප්‍රාණ ගැන්වන්න දුවද්දි,
ලොකු හදවතින් හරි අර ගමේ “සත්වත්වය” ඇත්තේ කොහේද කියලා අහන්නවත් බය වුණා.
ඔවුන් ඔයාලා කාලෙ හැමදාම සමග සිටියා —
අද නැති.
ගමේ හැම කෙනාම අවසානයේම වෙන්වුණා.
වෙන්වෙන්න වෙලා.
මිනිස්සු තවත් හොඳ මතකයක් නෙවු,
වියෝජිත මතකයක් විතරක්.
ඒ අතීතය අත අරෙන එකෙකම අළුත් ගම්පතාවක් සකස් වුණත්,
සුගතේ මාමා විතරයි මේ ලෝකේ ඉන්නෙ —
එ කන්දට අවසාන මිතුරා ලෙස.
ඒ යට,
අපි කරපු දේවල් අතරමැදි හැඟීමක්,
අපි නසා දාපු දේවල් අතර කදුලු ගින්දරක්,
අදත් ඔහුගේ හිතේ සෙවලනවා.
ඔහු විතරයි ඉතුරු වෙලා.
එ කන්දටත්,
එ ගම්ටත්,
හෙමින් හෙමින් මැරෙන අතීතයටත්.
සැබවින්ම,
එය එසේම විය.
ඇත ඉදන් එන සුලන් පොද හිතට එකතු කරන්නේ සුන්දර හැගිමක්ද එහෙමත් නැත්නම් අසුන්දර හැගිමක්ද කියාගන්නවත් හිතාගන්නවත් බැරි අවිනිශ්චිත තත්වයක හිත් අවකාශය පරිපුර්ණව පිරිලා තියෙන හැගීම පසෙකලා සුගතේ මාමා ලෙහෙසියෙන් පිට නොකලවූ සුසුමක් ආයාසයෙන් පිට කරන්නාක් මෙන් වා තලයට මුසුකලේ මීයන් මල පසු එන අමිහිරි මුඩු පිළිකුල් ගදට මුසුවූ පල් වුනු මඩ පස් එකතුව අකාලයේ වයින් සැදීමට බිලිවූ පලතුරු ගෙඩි නොවුනත් ඒ ගෙඩි හැදු ගස් පිටින්ම පල් කලතොත් වඩාත් රසබර නැතහොත් වෙරිබර වයින් හදන්ට සැරසෙන වයින් සදන්නෙකු විසින් පරියෙෂණයකින් ( ඇත්තටම අහබු ) විසින් සකසන ලද වයින් පල වී එන ලෙස හමන දුගදට එහෙමත් නැත්නම් යම් කෙනකුට සුවදක් සේ දැනෙන යම් හෝ ගද සුවද අතර මැදි තත්වයකට හසුවූ යම් හෝ ගදක් හෝ සුවදකට තවත් කියාගත නොහෙකි දුකක් හෝ සතුටක් හෝ ඒ දෙයාකාරයෙන්ම නොවෙන අතරමැදි තත්වයක් හෝ ඇති සිතුවිල්ලකින් තරමක වෙනසක් ඇති වූ පරිද්දෙනි .
සැබවින්ම එය කිසිදු දිනයක කිසිදු මොහොතක ඇත්තෙන්ම සිහිනයකින් හෝ දැනුනේ නැති ඇත්තටම දැනුනේම නැති කවර කලයකදිවත් අම්ම මුත්තා කලයකදිවත් අසාවත් නැති සිදුවීමකි . ඔවු සැබවින්ම එය අහබුවකි . මේ ලොව සියල්ලක්ම අහබුවක් බව සැබෑවක් නමුදු අහබුවන් අතරත් අහබු මහා වෙනස්ම අහබුවක් වනවා අනත්වත් දැකලා අත් දුටු අහබුවක් නොවන බව සැබෑවක් නිසාම ලා කොළ පාට තද කොළ පාට අතරින් පතර නිල් පාට ඒ නිල් පාට එක්කම ඇති රතු දුබුරු තැබිලි පාට තව කියාගන්න බැරි තරම් පාටක් නැති එත් පාටක් ඇති පාට ... සිතුවිලි දිවදෙස් ගල කන්ද උද සිටම පහලටම මැවී මැවී නිරන්තරයෙන් ගමන් කරන බව දැනී සුගතේ මාමා තම නිකටට වැහැරුණු තම අත තබා ගත්තේ දුටු අයකුට කුමක්දෝ කලකිරීමක් දුකක් තනිවම විද දරාගන්නා අයෙකු සිහියට නංවමිනි . එය සැබෑවක් සේම දිස්විය , බලාපොරොත්තුවක් පෙනෙන තෙක් මානයක නොවුනද බලාපොරොත්තුවක් ඇති කර ගන්නට තරම් වත් බලාපොරොත්තුවක් ඇතිවේයැයි අපේක්ෂාවෙන් ඒ දෑස කොහේදෝ තැනක අතරමන් වී තිබු සෙයකි සැබවින්ම එය එසේම විය .
ගිනි කාස්ටක ඉඩෝරයක
ඉර හැංගුන එක දවසක
ලපටි සිපටි මහා ප්‍රාණ
නැටුම් නටනවා .......
ලොකු ලොකු වයසක කස්ටිය
එන පෝයට ගංවතුරට
ප්ලැන් ගහනවා ...
ආතල් වලක් මේක ආතල් වලක්
සැපම කෝටියක්
ෆට්ට ආතල් ලොවක්
ෆට්ට ආතල් ලොවක්
සුවහසක් මුමුණනා කදුලක හිස්තැනක තෙත අත් තියා අක්මුලක් කිසි නෑර සොයමුද මංමුලා වුන වැල් සොයා සෙනහසක ඉඩ ඇහිරී තිබුනද සාර සංඛ්‍ය දුර වැඩි ...