Nov 7, 2010

කලා සොලොසට තරම් වැඩි උස

කවිය............

කලා සොලොසට තරම් වැඩි උස සෙනෙහසක් හිත ලග තියන්
මහාමෙරකට කප්පරක් කල් පෙරපු පින් දම් සිහිකරන්
එලිය කල හිත මලුව අතරින් සිල් සුවද හිත තවරමින්
මගේ ලෝකෙට වැඩිය නුබ මන් මටත් වැඩියෙන් රකින්නම්

සදත් එක්ක තරහ වෙලා

කවිය............

සදත් එක්ක තරහ වෙලා තරු ඇතක යන්න එපා 
දන්නවාද කෙනෙක් ඇවිත් මගේ ලෝකය එලිය කලා
පිනි වැස්සක් බිමට ඇවිත්   හිත මලුවම පේ කරලා
දන්නවාද කෙනෙක් ඇවිත් මගේ ලෝකය එලිය කලා

Nov 4, 2010

කවිය............




තිලින කර දුන් සියලු දුක් ගිනි මිහිරි තිළිණය ලෙසින් සලකා
දිවී ගෙවන්නමි සිනහ මුහුණින් දැවෙන සිතුවිලි හදෙහි රන්දා
මිහිරි සිහිනම දකිනු කැමතිය කියයි හදවත පුපුරු ගසනා
හමන සුළගත් හරිම උණුසුම් හදින් පිට කල සුසුම් හන්දා ..................

ආයෙමත් ආයෙමත්

  ජීවිතය මරණයට අසල ඇති මොහතකට නැගු ඒ සුසුම් පොද කො කොහෙද සැගවුනේ සුළග නුඹ කියාපන් රුහිරු ‍රත් ලෙයින් පෙගි රතුපාට මිහි තලය තෝ කොහෙද  සැගවුනේ ...