Nov 7, 2010

කලා සොලොසට තරම් වැඩි උස

කවිය............

කලා සොලොසට තරම් වැඩි උස සෙනෙහසක් හිත ලග තියන්
මහාමෙරකට කප්පරක් කල් පෙරපු පින් දම් සිහිකරන්
එලිය කල හිත මලුව අතරින් සිල් සුවද හිත තවරමින්
මගේ ලෝකෙට වැඩිය නුබ මන් මටත් වැඩියෙන් රකින්නම්

සදත් එක්ක තරහ වෙලා

කවිය............

සදත් එක්ක තරහ වෙලා තරු ඇතක යන්න එපා 
දන්නවාද කෙනෙක් ඇවිත් මගේ ලෝකය එලිය කලා
පිනි වැස්සක් බිමට ඇවිත්   හිත මලුවම පේ කරලා
දන්නවාද කෙනෙක් ඇවිත් මගේ ලෝකය එලිය කලා

Nov 4, 2010

කවිය............




තිලින කර දුන් සියලු දුක් ගිනි මිහිරි තිළිණය ලෙසින් සලකා
දිවී ගෙවන්නමි සිනහ මුහුණින් දැවෙන සිතුවිලි හදෙහි රන්දා
මිහිරි සිහිනම දකිනු කැමතිය කියයි හදවත පුපුරු ගසනා
හමන සුළගත් හරිම උණුසුම් හදින් පිට කල සුසුම් හන්දා ..................

Oct 29, 2010

සහස් කළත්

කවිය............

සහස් කළත් 
උතුම් හිතක්
ගන්න තරම්‍‍
පෙරුම් පුරන්
හිත් අහසට
පිනි වැස්සක්
අරන් අවුත්
නුඹත් ඉතින්

හොර රහසේම

කවිය............
  හොර  රහසේම 
  එක  දවසක
  හිතට  ඇවිත් 
  මහ  මෙරකට  
  වඩා  උසට  ආදරයක්
  දැනුන  නුඹට 
  හැමදාටම  
  කප්පරකට 
  ආදරෙයිනේ  
  මං  
  නුඹ  හට ..........................

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....