Nov 16, 2011

කියාපන්

කවිය............

ජීවිතය මරණයට
අසල ඇති මොහතකට
නැගු ඒ සුසුම් පොද
කො කොහෙද සැගවුනේ
සුළග නුඹ කියාපන්

රුහිරු ‍රත් ලෙයින් පෙගි
රතුපාට මිහි තලය
තෝ කොහෙද  සැගවුනේ
පොලව නුඹ කියාපන්

අදුරු රැ ජීවිතය
ඉල්ලමින් සැරි සැරු
කඩු කිනිසි පොරො මැද
රත් වු ගිනි භටෙන්
නික්ම එන ගිනි පුපුරු

සිසිල් දිය බිදක් සේ
සිප අරන් මිය ඇදුණු
කෝ ඒ වීරයන්
කෝ කොහෙද හැංගුවේ
කෑ ගහල හැමෝටම
ඇහෙන්නට කියාපන්

මව් බිමට ආදරෙන්
මව් බිමේ නාමයෙන්
දිවි පිදූ ඒ විරුන්
සගවන්න නැහැ නුඹට
අයිතියක් පිළිගනින්

නුඹ අවට සැරිසරණ
ඒ වීර සුසුම් පොද
මුමුණමින් කොදුරනා
හඩ හෙ‍ාරෙන් අසාපන්

ඒ පුතුන් නැති සොවින්
හඩන මව් පිය හඩට
කන් දෙකෙන් අබිත්තක්
ඉඩ දීල බලාපන්

ආයෙමත් ආයෙමත්
ඉඩ දීල බලාපන්

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....