Jun 28, 2016

නොතේරුන ජීවිතය

නොතේරුන ජීවිතය
තෙරුම්ම් ගන්න විට
නිමා  වී බොහෝ කල්ය
මට හිමිවූ ජීවිතය 

බෝතලය නුබම විය

අපි අපිව එක් කරන
අපි අපිව වෙන් කරන
තනිකමට තනි රකින
සතුට ලග රජ කරන
දුකට හිත සනසවන
මොනවා උනත් හිත හදන
සාක්කුවම හිස් කරන
බෝතලය නුබම විය
කරුමෙකට මිතුරු උන 

Jun 10, 2016

කවිය............

ෆේස් බුක් .....

හුගක් අසාවෙන් හිටියා උඹ එක්ක ..
ශෙයා කරා ..ලයික් කරා ..
ලයික් කොමෙන්ට් අසාවෙන්
හැමදේමත් අප්ලෝඩ් කරා ...
පෙන්නේ වැරදියට හැමෝටම හැමදේම
මගේම නංගිගේ ෆොටෝ එකත්
උඹල දැක්කේ වැරදියකට ..
කොමෙන්ට් කරේ වැරදියකට ..
දන්නවාද අන්තිමේදී ..
මගේම කෙල්ල උන්ගේ පවුල ..
උන් හිතුවෙත් ඒ විදියට ..
කාගේද බං වැරැද්ද ..
කියලා දියන් මට හැදෙන්න ..

May 9, 2016

කවිය............


මේ බ්ලොග් එකේ දේශපාලනේ නැහැ යාලු මේ බ්ලොග් එකේ කුණුහරුපත් නැහැ යාලු
මේකේ කාටවත්ම බනින්නෙත් නැහැ එහෙම බැනලා වැඩකුත් නැහැ ...
හිතට එන හැමදේම ලියනවා කියුවට එහෙම හිතට එන හැමදේම ලියවුවොත්
කෙලවෙනවා මොකද හිතට එන්නේ පට්ටම මනස්ගාත වෙලාවකට ..කොහම උනත්
හිතුන කොමෙන්ටුවක් දාන්න ඉඩක් දෙන්න ..මන් දන්නේ නැහැ මේක බලනවද නැද්ද කියලවත්
මන් වෙනස් ආරක ලිවීමකට යන්න හිතනවා ලගදීම ...
ජයවේවා හැමෝටම 

පදවැල් මත අකුරු කෙරුව ....

කවිය............

පදවැල් මත අකුරු කෙරුව ....
පන්හිද ලග පාට මැවුව ...
ඇසිපිය ලග හීන මැවුව ....
ආදරයයි විරහ මැවුව ..
 

පෙරුම් පුරන ජීවිතයක

කවිය............

පෙරුම් පුරන ජීවිතයක
පාර කියන හැන්දෑවක ....
නොලියු කවිය
දෙනෙත් අතර
ලියවෙන හැටි අපුරුවට .......

ගලපෙන්නැති එලිසමයක ...
තනුවක් නැති තාලයකට ....
ඔයයි මායි අපුරුවට ....
ගයනා හැටි යුග ගීතය ...
 

නිමක් නැති දුක් අරන් මහා පොලවේ පයගහන්

කවිය............


නිමක්  නැති  දුක්  අරන්  මහා  පොලවේ  පයගහන්
රජ  මැදුරු  යස  ඉසුරු  නැ  පැතුවේ  මුළු  හදින්
සිහින  ලග  කැකෑරෙන  ජීවිතය  පොදි  බැදන්
දිව  යමුද  අපි  ඉතින්  අපේ  ලොව  දෙස  බලන් 

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....