Jun 28, 2016

අද ගොඩක් සීතල දවසක් ..

අද ගොඩක් සීතල දවසක් ..
වහිනවා වහිනවා ඒ මදිවට ..
විසික් කරලා දන්නා තරම් හුලගක් කඩාගෙන එනවා ...
ලස්සනයිද මේ වැස්ස ..
සුන්දරයිද නුවරඑළිය ...
අනේ මන්ද ..
හෙටත් පාන්දර 5 කණිසමට
ඇහැරිලා වැඩට යන්න ..
මතක් වෙද්දීත් හිතට ...
සොදුරු නැ  සීතලත් ..
සොදුරු නැ  උඩරටත් ..

හරි අපුරුවට ඔය ගැන හිතාගෙන

හරි අපුරුවට ඔය ගැන හිතාගෙන
මහා මෙරක් උසට ඔයාව තියාගෙන
ජිවිතයම ඔයා  කරගත්තට .....
දුන්නු හැටි අපුරුයි ....
කල්පයක් විදවන්න ...
මහමෙරටත් වැඩි දුකක් ....
ඇස් අතර දැවටෙන්න ...
කදුළු මත ලියවෙන්න ...
ජීවිතය විදවන්න ...
තනිකමට හුරුවෙන්න ....
එත් දන්නවද තවම
තරහවක් නැ නුබට ...

දර්පණය ඉදිරිපිට

දර්පණය ඉදිරිපිට දර්ශනය මවිත කල
නිසංසල ගං දියක් කැලතුනිය දරුණු ලෙස
බුදුන් දෙසු බණ පදක්
දැනෙන විට හදවතට
පොරවන්න කසා වත ....
සිතෙනු මුත් දහස් වර ...
කෙලෙසෙකින් මිදෙන්නද
බැදුණු බැමි අපමණය ..

නොතේරුන ජීවිතය

නොතේරුන ජීවිතය
තෙරුම්ම් ගන්න විට
නිමා  වී බොහෝ කල්ය
මට හිමිවූ ජීවිතය 

බෝතලය නුබම විය

අපි අපිව එක් කරන
අපි අපිව වෙන් කරන
තනිකමට තනි රකින
සතුට ලග රජ කරන
දුකට හිත සනසවන
මොනවා උනත් හිත හදන
සාක්කුවම හිස් කරන
බෝතලය නුබම විය
කරුමෙකට මිතුරු උන 

Jun 10, 2016

කවිය............

ෆේස් බුක් .....

හුගක් අසාවෙන් හිටියා උඹ එක්ක ..
ශෙයා කරා ..ලයික් කරා ..
ලයික් කොමෙන්ට් අසාවෙන්
හැමදේමත් අප්ලෝඩ් කරා ...
පෙන්නේ වැරදියට හැමෝටම හැමදේම
මගේම නංගිගේ ෆොටෝ එකත්
උඹල දැක්කේ වැරදියකට ..
කොමෙන්ට් කරේ වැරදියකට ..
දන්නවාද අන්තිමේදී ..
මගේම කෙල්ල උන්ගේ පවුල ..
උන් හිතුවෙත් ඒ විදියට ..
කාගේද බං වැරැද්ද ..
කියලා දියන් මට හැදෙන්න ..

May 9, 2016

කවිය............


මේ බ්ලොග් එකේ දේශපාලනේ නැහැ යාලු මේ බ්ලොග් එකේ කුණුහරුපත් නැහැ යාලු
මේකේ කාටවත්ම බනින්නෙත් නැහැ එහෙම බැනලා වැඩකුත් නැහැ ...
හිතට එන හැමදේම ලියනවා කියුවට එහෙම හිතට එන හැමදේම ලියවුවොත්
කෙලවෙනවා මොකද හිතට එන්නේ පට්ටම මනස්ගාත වෙලාවකට ..කොහම උනත්
හිතුන කොමෙන්ටුවක් දාන්න ඉඩක් දෙන්න ..මන් දන්නේ නැහැ මේක බලනවද නැද්ද කියලවත්
මන් වෙනස් ආරක ලිවීමකට යන්න හිතනවා ලගදීම ...
ජයවේවා හැමෝටම 

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....