Oct 29, 2010

සහස් කළත්

කවිය............

සහස් කළත් 
උතුම් හිතක්
ගන්න තරම්‍‍
පෙරුම් පුරන්
හිත් අහසට
පිනි වැස්සක්
අරන් අවුත්
නුඹත් ඉතින්

හොර රහසේම

කවිය............
  හොර  රහසේම 
  එක  දවසක
  හිතට  ඇවිත් 
  මහ  මෙරකට  
  වඩා  උසට  ආදරයක්
  දැනුන  නුඹට 
  හැමදාටම  
  කප්පරකට 
  ආදරෙයිනේ  
  මං  
  නුඹ  හට ..........................

සොදුරු කතා

කවිය............

සොදුරු  කතා  මවා  තියා  සිහින  ලොවක්   උදා   කලා
බොලද  සිතුම්  කවි  දහසක්  හිත්  මළුවේ  අකුරු  කලා 
යා  ගන්නට   නොහෙකි  තැනක   ඇත  අද  මං  නතරවෙලා
ලගට  ඇවිත්   කියල  දෙන්න  මං කාටද  අයිති  කියා

දුරක  ගියත්  ලග  හිටියත්  සැප  ලග  දුක  තියෙන  නියා
ජීවත්   වෙම්  කදුළු  උනත්  උරුම  උනේ  නුබෙන්  නිසා
මට  තාමත්  නුබ  දුරනම්  ජිවිතයම  උකසේ  තියා
බලා  හිදිමි  කල්පයක්ම  යලි  මා වෙත  වඩින  තුරා . ..
..

වදිනු මැනවි ලෝ තලයට

කවිය............


දුක්  ගොන්නක්  උහුලාගෙන  කල්පයක් ම  කදුළු  අරන්
කුසගින්නට  බඩ  වියතට  
ජීවිතේම   උගස්  කරන  අත්මයම  පුජා  කරන
කාට  උනත්  කාගේ  උනත්  ඒ  කදුලක  ඒ  සුසුමක 
ඇති  ජිවිතේ දුක තේරෙන්නට  එක  පහනක්  නොවේ  පහන්  
දස  දහසක්  පුජා  කරමි  .......
අනේ    මෙතේ   බුදු   හිමියනි
වදිනු   මැනවි  ලෝ  තලයට . ..
සරණක්  නැති  මේ  අසරණ  මිනිස්සුන්ට  පිහිට  වෙන්ට
ලොවුතුරු  බුදු  බන  පදයක
සැනහිලා  සිත   නිවෙන්න .....
වදිනු  මැනවි  බුදු  හිමියනි ......

නිමක් නැති දුක් අරන්

කවිය............


නිමක්  නැති  දුක්  අරන්  මහා  පොලවේ  පයගහන්
රජ  මැදුරු  යස  ඉසුරු  නැ  පැතුවේ  මුළු  හදින්
සිහින  ලග  කැකෑරෙන  ජීවිතය  පොදි  බැදන්
දිව  යමුද  අපි  ඉතින්  අපේ  ලොව  දෙස  බලන් 

පෙම් බැංඳා

කවිය............

තරු රෑනේ කවි හංඟා
සද එළියෙන් නුඹ හන්දා
හීන පැතුම් මං මැව්වා
අහිතක් හිතුවද මන්දා ...........

දහස් ගණන් හිත රිද්ද
නුඹ හිත ලග තනි රැක්කා
කදුල උනත් නුඹ හංදා
ලැබුනත් මං පෙම් බැංඳා ........

ජීවිතයට ලගට අරන්
පුන්සඳ ලග පෙරුම් පුරන්
ගැට‍ඹෙ යන්ට එක දවසක්
තවමත් මං ම බැලුවා ....

Oct 28, 2010

කවිය............


කදුල

නිලුපුල්ම ඔය දෑසෙ කදුලක් රැදේ නම්


ඒ කදුළු පිසලන්න වරමක් නොවේනම්


ලංවෙන්න ලංවෙන්න නුඹ දුරයි දැ‍ෙන් නම්


මේ කදුළු මිටි බැදන් මං යන්න යන්නම්






නුඹ නොමැති ඇසිල්ලම කල්පයක් සේ නම්


නුඹ නොමැති අද දවස මේ තරම් දුකයි නම්


සද ඇති අහසටයි එය මගේ නොවේනම්


මේ හීන මං ලගම මං තියා ගන්නම්

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....