Jan 11, 2019

කියවිල්ල


 කියවිල්ල

ලෝකය කලියුගය නැහැ ඒක  අපි නොදන්නා අලුත් උන්ගේ නව ලෝකය ....ඇත්තටම අපි කුහකද ..එහෙමත් නැත්නම් අපිට නැතිඋන විදිල්ලක් අලුත් උන් විදින විදියට පපුව ඇතුලෙන් එන ඉරිසියාවක්ද  ඒක කියවිල්ලක් ... අමුතුම .....තමන් හැදුව තමන්ගේ තමන්ගේම ලෙයට කරන වංචාවක් තමන්ගේම ලෙයට කරන එපා විල්ලක් .... කලියුගය ඒකද ...කියවිල්ල ඒකද ....ජීවිතය එතනද ....තමන් හැදුව තමන්ගේ තාත්තා එක්ක ගමනක් යන්ට බැරි තරම් ලිංගිකත්වය මුලික වෙලාද ...අපි ඇත්තටම කා  වෙනුවෙන්ද එතකොට හඩ නගන්නේ ... කවුරු වෙනුවෙන්ද ......අපි දකින අපි හිතන ලෝකය ඒ මිනිස්සුන්ට අදාල නැත්නම් ...එහෙම පරපුරකට මොකටද බං  අපි මනුෂත්වය ගැන කතා කරන්ට යන්නේ ....උන් හරි බං  අපියි වැරදි ...අපි හිතන ලෝකය දැන් නැහැ බන් ....අපි හිතන් නැතිව ඉන්ට ඕනි බන් ...උබ දන්නවාද හද තාමත් එහෙමමයි ...ඕකට ගානක්ම නැ  බන් ...උ ඔහේ බලං  ඉන්නවා ..උ හරි බං ...මන් ඉස්සර දවසක ලියුව ලියවිල්ලට වඩා දෙයක් උ දන්නවා බන් ... ආයම  ගල් ගහන්ට ඕනි නැහැ බන් ඌට ......ඌ  පවු බන්.....
එක්කෝ අපි හිතන විදිය පට්ට අවුලක් බන් එක්කෝ අපිට උගන්නපු උන් පට්ට වැරදි බන් ....ආයම ලියන්නම් බන් ....ජීවිතය කියවිල්ල අනුවේ උන්ට අමාරුයි බන්

Jan 4, 2019

සිත්තමක්

පාට පාට එකිනෙකට ..
අදුරු ද එලිය  ද ..
ත්‍රිමාන ද්විමාන..
හිස්
........
සිත්තමක් ජීවිතය ...
වෙලාවකට

ජිවිතය

සිත්තමක් ජීවිතය

නුවර අහසට කියන කවි පද ..
තරම් පෙම් බැද  තිබුනානම්...නුවර ට ..

Jun 7, 2017

අම්මා අප්පා විකුණා හරි ජිවත් වීම ...

සිත්තමක් ජීවිතය



ජිවිතේ ජිවත් වෙන්න ඕනි ..අපි විතරක් නෙවේ ගහ කොළ සතා සිවුපාවා  ..මේ හැමෝම ..එත් එහෙමම කියල අපිව හැදුව ..අපේම දෙමාපියන් විකුණා එහෙමත් නැත්නම් උකස් කරලා එක තත්පරයක් හරි අපි ජිවත් උනත් මොකද්ද ඒ ජීවිතය ..මොකටද ඒ ජිවත් වන තත්පරය ..
අපි හැමෝම කියනවා වැදු මව වගේලු ඉපදුනු ජිවත්වන අපේ රටත් ..මවු රට......

එහෙනම් පුළුවන් වෙන්නේ කොහොමද අපේ රටේ දේවල් විකුණලා අපිට ජිවත් වෙන්න ..එහෙම හිතක් හරි එන්න පුළුවන් උනේ කොහමද ...

ලැජ්ජයි අපි ගැනම ...


Jan 11, 2017

අලුත් අවුරුද්ද අලුත්ම අවුරුදක් වුනා

සිත්තමක් ජීවිතය


අලුත් අවුරුද්ද අලුත්ම අවුරුදක් වුනා ...ගොඩක් ආදරෙන් මගේම කියලා හිතාගෙන උදවු කරපු ආදරේ කරපු ගොඩක් අය එයාලගේ ජිවිතේ මට තියලා තිබ්බ තැන මම තේරුම් ගත්තා ..විශ්වාශ කරන්න මේ ලෝකේ එහෙම හිතපු කවුරුත්ම මට නැහැ කියලා දැනුනම දැනෙන දුක .......ගොඩක් සතුටුයි ..අයි දන්නවාද ..ජීවිතය ඉගෙන ගත්තා  තේරුම් ගත්තා ......සත්තමයි ....හරිම අමුතුයි මිනිස්සු එයාලා තේරුම් ගන්න බැහැ පොඩ්ඩක්වත් ....එත් එකම දෙයක් ගොඩාක් සතුටුයි ...මම ගැනම ..මා අමතක කොට මා සෙවූ මට යලිදු මා මුනුගැසුණු අපූරුව ....මම ආදරෙයි ගොඩාක් අද ඉදන් මටම ..දන්නවා මට මගේම වුන කාටවත් එයාලට මම කවුරුවත්ම නොවුන බව ..එතින් ආදරෙයි මේ දුරුත්තට , මේ නැවුම් බවට ....අහම්බෙන් හරි මගේ මේ ලියන වචන ටික බලන කාට හරි මන් දෙයක් කියනවා අපි අසරණ වෙන්නම ඕනි ඇත්තටම අපිට කවුද ඉන්නේ කියලා  දැනගන්න ......සත්තමයි ........හරිම ආදරෙයි මේ අවුරුද්දට ..ගොඩාක් ආදරෙයි .....ජිවිතේ කියල දුන්නට , ජිවිතේ ඉගෙන්නුවට ............තනියම හිතන්න දැනේවි ...........වැවක් වෙන එකේ රසය .....එත් හීන් දුකකුත් එක්ක ...ගමන යන්න ....යලි යලි අපෙන් ඈත් වෙන අය ඒවි ..සමහරවිට නොවේවි ..ඒ හා සමාන අයත් ඒවි ....උදවු කරන්න ..අද අපෙන් උදවු අරන් අපිටම හිනාවෙන මිනිස්සු ඔනෑ තරම් හිටියත් අපේ හිතට සතුටක් දැනේවි .......අපි මිනිසුන් උන බැවින් ...සුබම සුබ අවුරුද්දක් හැමෝටම ...


Aug 25, 2016

අපේ මිනිසුන්ගේ මනුස්සකම

සිත්තමක් ජීවිතය


සන්තකයේම තබා ගන්න
සියල්ලක්ම පොදි බැදගෙන
ලොවක් තරම් ආශාවන්
මෙරක් තරම් ලෝබකමින්
ජිවත් වෙන අපේ කාලේ
...............................
හුගක් වටින තෑගි ලැබුන
අත් ඔරලෝසුව
තව කෙනෙකුට ලබා දුන්න
ඒ අතිනුත් තව අතකට
එයාගෙනුත් තව කෙනෙකුට
යලිත් වරක් වෙන කෙනෙකුට
තෑගි දෙන්න හිතක් ආව
හරි පුදුමයි තාමත් රැදී
අපේ මිනිසුන්ගේ මනුස්සකම
හරි පොහොසත් බෝසත් කම

..........................
ප .ලි .

තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියකුට බොහොම වටිනා  ඔරලෝසුවක් තෑගි ලැබිලා තිබුණා .ඒක ගොඩක් වටිනවා .එයාට ඒ වෙනකොටත් ඔරලෝසුවක් තියෙනවා එතින් එයාට තිබුණා එක තියාගන්න නැත්නම් විකුණන්න එත් එය එක එයාගේ තව යාලුවෙක්ට තෑගි දෙන්න හිතුවා ..හරි පුදුම දෙයක් වුනේ තෑගි ලැබුන ඔරලෝසුව හම්බවුන  අනිත් නිලධාරියා අත්  ඔරලෝසු පාවිච්චි කරන්නේ නැහැ .එයත් මහා පුදුම දෙයක් කරා  .එයාගේ කන්තෝරුවේ තව කෙනෙක්ට එය අර වටිනා ඔරලෝසුව තෑගි කරා .දන්නවද තෑග්ග හම්බුනා කෙනා මොකද්ද කලේ කියල. එයාගේ තාත්තා අසයි ඔරලෝසු බදින්න ..එයට එක මතක් උන එයා අර ඔරලෝසුව එයාගේ තාත්තට දුන්න ..හරිම පුදුමයි නේද ..හැමෝම තමන්ගේ කියල හැමදේම අවශ්‍ය දෙයි අනවශ්‍ය දෙයි පොදි බදාගන්න,බදාගන්න හිතෙන එහෙම කරන මේ ලෝකේ අර රත්තරං මිනිසුන්ගේ  ක්‍රියාව ..වටිනවා නේද කියල හිතුන ..
මේ උපහාරය ඒ රත්තරන් හිත වලට 

Aug 9, 2016

විජය ගැන මගේ ඇත්තම

බුදු සරණයි සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ......
මම සාමාන්‍ය යෙන් සිංහල කොමඩි බලන්නේ නැහැ බලන්න දෙයකුත් නැහැ ..ඒවායේ ජෝක්ස් තියෙනවද ..මම ලගදි අම්මිලා එක්ක බලන්න ගත්තා PEOTV එකෙන් සුපිරි අන්දරේ කියලා ටෙනිසන්ගේ ෆිලුමක් ...ඇත්තටම හිතුවේ හැමෝටම පොඩ්ඩක් හිනාවෙලා බලන්න පුළුවන් වේවි කියලා ...අනේ මන්ද අපිට හිනහ ගියා හොදටම ඒ ෆිලුමේ සිනහ වෙන්න තියෙන්නේ කොතනද කියලා ..මම ලියන්න ගියේ මට ලියන්න ඕනි වුනේ ..වැටි වැටි දුවන දෙපැත්ත කැපෙන වචන කියන ..සරම කලිසම ගැලවිලා වැටෙන එකම සීන් එක එක එක විදියට තියෙන ලංකාවේ කොමඩි වලට අරුතක් දුන්න වෙනස්ම කෝණයක් දුන්න කපුවා ගැන ..
විජය නන්දසිරි ගැන 
...හිනහ වෙලා බලන්න පුළුවන් කොමඩි කරපු මන් දැක්ක හොදම නළුවා තමා එයා ..බන්දුලා ටෙනිලා ගැන මන් වැරද්දක් දකින්නේ නැහැ ..එයාලව ඒ විදියට කොටු උනේ ලංකාවේ සිස්ටම් එකේ වැරද්දක්.. මන් දකින්නේ එහෙම ..කෝම වුනත් මොකක් හරි රස විදලා මිනිහෙක්ව හිනස්සන්න කාටවත් බැ ..ඒක ඇත්තක් .. 
එකයි විජය වටින්නේ ..ඔවු ඇත්තටම මන් හිනා වුණා ..මට හිනහ ගියා ..සුහද කොකා ෆිලුමේ කියුව බුදු සරණයි සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ....ඒ වචනෙම කියන්නම් යුගයේ නළුවනෙනි .......

...සමාජේ තියෙන ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා කදුලටම හුරුවුන ජිවිත වලට එක මොහොතකට හරි සිනහ වෙන්න ලබා දුන්න කියන්නෙම මහ පිනක් ..

ඔබට නිවන් සුව ....

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....