Aug 8, 2016

අද මන් ජිවත් වෙන අන්තිම දවසනම්

ගොඩාක් දවසකින් එන්න හිතුනා ..වෙනසකුත් එක්ක ..අද මන් ජිවත් වෙන අන්තිම දවසනම් ඇත්තටම මන් මොනාද කරන්නේ ..මට එහෙම හිතුනේ ඇපල් එකේ ලොකුම කෙනා කරපු කතාවක් බලලා . සමාවෙන්න මට නම මතක නැහැ ..එයා කියුව දේ මගේ හිතට ගොඩාක් දැනුනා .. ඇත්තටම අපි දවසක මැරෙනවා ඒක නියතයක් ..එත් හිතන්න ඒ දවස අදනම් ...පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ අද ඔයා ජිවත් වෙන අන්තිම දවසනම් මොනාද කරන්නේ ...මන් ඒ විදියට හිතන්න ගත්තා අද ...ඇත්තමයි මුළු ලෝකයම ගැන ලොකු ආදරයක් දැනෙනවා ..ජන්මාන්තර හතුරා ගැන උනත් ආදරයක් හිතෙන්නේ ..
හරිම ලස්සනට ලෝකයම පේනවා ..පොඩ්ඩක් විදින්නකෝ එහෙම හිතුනම ලෝකයම පේන විදිය අපි ලගම ඉන්න අය ගැන දැනෙන විදිය ..නිකමට මන් කියුවටම නෙවෙයි හිතල බලන්නකෝ ..හැමදාටම එහෙම හිතලා ඉන්නවනම් අපි හැමෝම මුළු ලෝකයම ලස්සන වේවි ..අපෙත් ජීවිතය හුගාක් ලස්සන වේවි ..හැමදාම දකින පාරක  ගස් කෝලන් වල  කදු යායක  ..ගිනි රස්නේ අවු කස්ටෙක , මද වැස්සක , සුළං පොදක ,නිතර දකින යහළුවන් දෙමවුපියන් සොහොයුරන් නෑදෑයින් ..හැම මනුස්සය්යෙක් ගැනම සතා සීපාවා ගැනම ගහක් කොලක් ගැනම , මුළු ලෝකයම ගැන අපරිමිත සියුම් දෙයකින් ජීවිතය දැනේවි ..මහා ලෙන්ගතු කමකින් හිත පිරේවි ..විදින්න තිබ්බ ලස්සනම ජිවිතයක් අත ඇරලා කොහේදෝ නැති දේවල් වලින් ජීවිතය බොරුවට පුරවා ගත්ත නේද කියලා හිත රිදුම් දෙන දුකකින් හිත පිරිලා යාවි ..හිතන්නකෝ ගෙවුන කාලය පුරාම අපි කි දෙනෙක් නම් අඩවන්න ඇතිද .උදවු කරන්න පුළුවන් කම තියෙද්දී කොයි තරම් නම් මග ඇරලා ඇතිද .. ඔය හැමදේම එකින් එක මතක් වේවි ...එකයි විදින්න මොහොතකට ....ඇත්තමයි මං විදින මේ මොහොත විදින්න කියලා අහිංසක ඉල්ලීමක් කරනවා මන් ..

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....