Aug 25, 2016

අපේ මිනිසුන්ගේ මනුස්සකම

සිත්තමක් ජීවිතය


සන්තකයේම තබා ගන්න
සියල්ලක්ම පොදි බැදගෙන
ලොවක් තරම් ආශාවන්
මෙරක් තරම් ලෝබකමින්
ජිවත් වෙන අපේ කාලේ
...............................
හුගක් වටින තෑගි ලැබුන
අත් ඔරලෝසුව
තව කෙනෙකුට ලබා දුන්න
ඒ අතිනුත් තව අතකට
එයාගෙනුත් තව කෙනෙකුට
යලිත් වරක් වෙන කෙනෙකුට
තෑගි දෙන්න හිතක් ආව
හරි පුදුමයි තාමත් රැදී
අපේ මිනිසුන්ගේ මනුස්සකම
හරි පොහොසත් බෝසත් කම

..........................
ප .ලි .

තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියකුට බොහොම වටිනා  ඔරලෝසුවක් තෑගි ලැබිලා තිබුණා .ඒක ගොඩක් වටිනවා .එයාට ඒ වෙනකොටත් ඔරලෝසුවක් තියෙනවා එතින් එයාට තිබුණා එක තියාගන්න නැත්නම් විකුණන්න එත් එය එක එයාගේ තව යාලුවෙක්ට තෑගි දෙන්න හිතුවා ..හරි පුදුම දෙයක් වුනේ තෑගි ලැබුන ඔරලෝසුව හම්බවුන  අනිත් නිලධාරියා අත්  ඔරලෝසු පාවිච්චි කරන්නේ නැහැ .එයත් මහා පුදුම දෙයක් කරා  .එයාගේ කන්තෝරුවේ තව කෙනෙක්ට එය අර වටිනා ඔරලෝසුව තෑගි කරා .දන්නවද තෑග්ග හම්බුනා කෙනා මොකද්ද කලේ කියල. එයාගේ තාත්තා අසයි ඔරලෝසු බදින්න ..එයට එක මතක් උන එයා අර ඔරලෝසුව එයාගේ තාත්තට දුන්න ..හරිම පුදුමයි නේද ..හැමෝම තමන්ගේ කියල හැමදේම අවශ්‍ය දෙයි අනවශ්‍ය දෙයි පොදි බදාගන්න,බදාගන්න හිතෙන එහෙම කරන මේ ලෝකේ අර රත්තරං මිනිසුන්ගේ  ක්‍රියාව ..වටිනවා නේද කියල හිතුන ..
මේ උපහාරය ඒ රත්තරන් හිත වලට 

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....