Aug 9, 2016

විජය ගැන මගේ ඇත්තම

බුදු සරණයි සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ......
මම සාමාන්‍ය යෙන් සිංහල කොමඩි බලන්නේ නැහැ බලන්න දෙයකුත් නැහැ ..ඒවායේ ජෝක්ස් තියෙනවද ..මම ලගදි අම්මිලා එක්ක බලන්න ගත්තා PEOTV එකෙන් සුපිරි අන්දරේ කියලා ටෙනිසන්ගේ ෆිලුමක් ...ඇත්තටම හිතුවේ හැමෝටම පොඩ්ඩක් හිනාවෙලා බලන්න පුළුවන් වේවි කියලා ...අනේ මන්ද අපිට හිනහ ගියා හොදටම ඒ ෆිලුමේ සිනහ වෙන්න තියෙන්නේ කොතනද කියලා ..මම ලියන්න ගියේ මට ලියන්න ඕනි වුනේ ..වැටි වැටි දුවන දෙපැත්ත කැපෙන වචන කියන ..සරම කලිසම ගැලවිලා වැටෙන එකම සීන් එක එක එක විදියට තියෙන ලංකාවේ කොමඩි වලට අරුතක් දුන්න වෙනස්ම කෝණයක් දුන්න කපුවා ගැන ..
විජය නන්දසිරි ගැන 
...හිනහ වෙලා බලන්න පුළුවන් කොමඩි කරපු මන් දැක්ක හොදම නළුවා තමා එයා ..බන්දුලා ටෙනිලා ගැන මන් වැරද්දක් දකින්නේ නැහැ ..එයාලව ඒ විදියට කොටු උනේ ලංකාවේ සිස්ටම් එකේ වැරද්දක්.. මන් දකින්නේ එහෙම ..කෝම වුනත් මොකක් හරි රස විදලා මිනිහෙක්ව හිනස්සන්න කාටවත් බැ ..ඒක ඇත්තක් .. 
එකයි විජය වටින්නේ ..ඔවු ඇත්තටම මන් හිනා වුණා ..මට හිනහ ගියා ..සුහද කොකා ෆිලුමේ කියුව බුදු සරණයි සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ....ඒ වචනෙම කියන්නම් යුගයේ නළුවනෙනි .......

...සමාජේ තියෙන ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා කදුලටම හුරුවුන ජිවිත වලට එක මොහොතකට හරි සිනහ වෙන්න ලබා දුන්න කියන්නෙම මහ පිනක් ..

ඔබට නිවන් සුව ....

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

ආයෙමත් ආයෙමත්

  ජීවිතය මරණයට අසල ඇති මොහතකට නැගු ඒ සුසුම් පොද කො කොහෙද සැගවුනේ සුළග නුඹ කියාපන් රුහිරු ‍රත් ලෙයින් පෙගි රතුපාට මිහි තලය තෝ කොහෙද  සැගවුනේ ...