Nov 5, 2013

නිල් නෙතු තරු මල් ඇහැරුනා

කවිය............

නිල් නෙතු තරු මල් ඇහැරුනා
මුතු පිණි වැස්සට සේදුණා
අහිංසකම ආදරේක හිමිකාරයා මං
අහිංසකම ආදරේක හිමිකාරයා මං

දෙනුවන් කදුලින් තෙත් කළා
හිමි නොවී වෙන් වී ගෙන ගියා
අහිංසකම ආදරේක හිමිකාරයා මං
අහිංසකම ආදරේක හිමිකාරයා මං

විසිරුනා පිණි කැට ඉසිරෙනා
නළ මුදු සුවදක් පැතිරෙනා
මිලිනව ගිය ආදරයක හිමිකාරයා මං
මිලිනව ගිය ආදරයක හිමිකාරයා මං

පපු තුරුලේ හිස හොවාන.....

කවිය............


පපු තුරුලේ හිස හොවාන.....
උරතලයේ සුව විදාන.............
හිනා වෙන්න දැන් නම් බැහැ..
ඔයා නැති නිසා.......

ජීවිතයේ දුක තියාන..........
ආදරයෙන් සිත හඩාන.......
හිනාවෙන්න දවසක් නෑ.....
ඔයා නැති නිසා.................

Nov 16, 2011

කියාපන්

කවිය............

ජීවිතය මරණයට
අසල ඇති මොහතකට
නැගු ඒ සුසුම් පොද
කො කොහෙද සැගවුනේ
සුළග නුඹ කියාපන්

රුහිරු ‍රත් ලෙයින් පෙගි
රතුපාට මිහි තලය
තෝ කොහෙද  සැගවුනේ
පොලව නුඹ කියාපන්

අදුරු රැ ජීවිතය
ඉල්ලමින් සැරි සැරු
කඩු කිනිසි පොරො මැද
රත් වු ගිනි භටෙන්
නික්ම එන ගිනි පුපුරු

සිසිල් දිය බිදක් සේ
සිප අරන් මිය ඇදුණු
කෝ ඒ වීරයන්
කෝ කොහෙද හැංගුවේ
කෑ ගහල හැමෝටම
ඇහෙන්නට කියාපන්

මව් බිමට ආදරෙන්
මව් බිමේ නාමයෙන්
දිවි පිදූ ඒ විරුන්
සගවන්න නැහැ නුඹට
අයිතියක් පිළිගනින්

නුඹ අවට සැරිසරණ
ඒ වීර සුසුම් පොද
මුමුණමින් කොදුරනා
හඩ හෙ‍ාරෙන් අසාපන්

ඒ පුතුන් නැති සොවින්
හඩන මව් පිය හඩට
කන් දෙකෙන් අබිත්තක්
ඉඩ දීල බලාපන්

ආයෙමත් ආයෙමත්
ඉඩ දීල බලාපන්

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....