May 6, 2016

එන්න යන්න වන්දනාව ....

කවිය............

හීන මැවෙන ලෝක අතර
පාට  පාට මිහිරි සිහින
එකින් එකට ගුලි කරගෙන
එන්න යන්න වන්දනාව ....

අකුණු ගසා ..
හෙණ පුපුරා ...

යන මාවත හරස් වේවි ...
මග ඇහැරී වෙනස් වේවි ...

නේක බැනුම් ඇනුම් පැදුම්
වට කරගෙන හඩ නගාවී ..

සුමුදු සේල ...
මුතු විල්ලුද ...

යන මාවත නොම තියේවි ..
බොරළු ඇනෙන දෙපා යුගල
රිදුම් දිදී කදුළු දේවි ...

එත් නිබද සත්තයි නුබ
වන්දනාව වැදලා යාවි ......

ආයෙමත් ආයෙමත්

  ජීවිතය මරණයට අසල ඇති මොහතකට නැගු ඒ සුසුම් පොද කො කොහෙද සැගවුනේ සුළග නුඹ කියාපන් රුහිරු ‍රත් ලෙයින් පෙගි රතුපාට මිහි තලය තෝ කොහෙද  සැගවුනේ ...