Jul 13, 2016

ටිකෙන් ටික බිදෙන කල

හැමදේම ඔයාම කරගත්තම මට පෙනුනේ නැහැ වෙන දෙයක් ..මුළු ලෝකයම ඔයා නිසා මන් දැක්කේ මන් වින්දේ හැම දෙයම ඔයාවම හිතේ තියාගෙන ..එත් දැන් දැන් මට දැනෙනවා මට තේරෙනවා ඔයාගේ ලෝකෙත් මන් ඉන්නවා එත් පුංචිම තැනකින් ඒක ආත්මීය ද නැද්ද කියලා දන්නෙත් ඔයාමයි ..මන් අහනවා හුගක් සැරයක් එත් ඔයා කියනවා නැහැ මං එහෙම වෙනස් නැහැ කියලා එහෙම කියන ගමන්ම වෙනදට නැති ඔයාගේ වෙනස් කම් මට දැනෙනවා ..මං  ආපසු හිටිය තැනමයි ..එත් ටිකෙන් ටික මටත් කියලා ජිවිතයක් තියෙන්න ඕනි කියලා මට හිතෙන්න ගත්තේ ඔයාගේ ඔය වෙනස නිසාමයි ..

ටිකෙන් ටික බිදෙන කල
ආදරය ලග තිබුන ...
දනිමි මම ලග දිනක
යන බවක් මගෙන් දුර ..
හදාගන්න බිදෙන් බිද ..
නුබෙන් තොර මට ලොවක් ...
ගොඩක් පිං නුඹේ ඔය
බිදෙන් බිද හැර යාම ....

Jul 9, 2016

දිනක සතුටට

දිනක සතුටට
හේතු වූ නුඹ
කදුළු දුක ගෙන
ආ  අපුරුව ....

මියෙන නොමියෙන
හීන පාකර
යලි යලිත් හිත
පාරවන  කල ....

දුකද සතුටකි
මතක් වෙන කල
ගෙවුණු කාලය
මැකී බොද වුන

Jul 2, 2016

මේ පිටුව මා ලියන

මා ලියන මා බලන
කිසිවෙකුත් නොම බලන
ම විසින්ම සියක්වර
මටම ගුණ දොස් වයන
මගේ දුකට
පමණක්ම
මටත් මතකෙට නැගෙන
සත්තමයි ආදරෙයි
මේ පිටුව මා ලියන 

ගුරුතුමිද නුඹම විය

නින්ද නැති රාත්‍රියක
සිතුවිල්ල නුඹම විය
නිදින පැය කිහිපයේද
සිහිනයත් නුඹම විය ..
මසිත ගත් හැමදෙයම
මා වින්ද ඒ සැමදෙයම
නුඹම විය නුඹම විය ...

මතක මන්දිර තැනුව
තනුව නැති ගී ලියුව
හදේ මුළු සතර දිග
ජීවිතය නුඹම විය

මද සුළගේ පාව එන
මදනලක හාද උන
ජීවිතය කියා දුන්
ජීවිතය නුඹම විය


කදුළු මත දිවි ගෙවන
නුඹ නැතිව මා සොයන
ආදරය පසක් කල
ගුරුතුමිද නුඹම විය 

හැර යන්න මගෙන් දුර


හැර යන්න මගෙන් දුර
ඔය හිතට දැනුනාට
මයේ  හිතේ ආදරය
වළලන්න හැකිවේද ..
අහිමි බැවු  දැන  දැනම
නුඹට පෙම් කල මෙමට ..
උහුලන්න හැකි බවට
සිතුනි නම් ඒ කෙලෙස ..
නුබේ සතුට වෙන කොහිද
රැදෙන බව දැන  දැනම
පෙම් කරමි තවම මම
වෙන කුමක් කරන්නද 

ආයෙමත් ආයෙමත්

  ජීවිතය මරණයට අසල ඇති මොහතකට නැගු ඒ සුසුම් පොද කො කොහෙද සැගවුනේ සුළග නුඹ කියාපන් රුහිරු ‍රත් ලෙයින් පෙගි රතුපාට මිහි තලය තෝ කොහෙද  සැගවුනේ ...