Jul 2, 2016

ගුරුතුමිද නුඹම විය

නින්ද නැති රාත්‍රියක
සිතුවිල්ල නුඹම විය
නිදින පැය කිහිපයේද
සිහිනයත් නුඹම විය ..
මසිත ගත් හැමදෙයම
මා වින්ද ඒ සැමදෙයම
නුඹම විය නුඹම විය ...

මතක මන්දිර තැනුව
තනුව නැති ගී ලියුව
හදේ මුළු සතර දිග
ජීවිතය නුඹම විය

මද සුළගේ පාව එන
මදනලක හාද උන
ජීවිතය කියා දුන්
ජීවිතය නුඹම විය


කදුළු මත දිවි ගෙවන
නුඹ නැතිව මා සොයන
ආදරය පසක් කල
ගුරුතුමිද නුඹම විය 

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...