Jul 2, 2016

ගුරුතුමිද නුඹම විය

නින්ද නැති රාත්‍රියක
සිතුවිල්ල නුඹම විය
නිදින පැය කිහිපයේද
සිහිනයත් නුඹම විය ..
මසිත ගත් හැමදෙයම
මා වින්ද ඒ සැමදෙයම
නුඹම විය නුඹම විය ...

මතක මන්දිර තැනුව
තනුව නැති ගී ලියුව
හදේ මුළු සතර දිග
ජීවිතය නුඹම විය

මද සුළගේ පාව එන
මදනලක හාද උන
ජීවිතය කියා දුන්
ජීවිතය නුඹම විය


කදුළු මත දිවි ගෙවන
නුඹ නැතිව මා සොයන
ආදරය පසක් කල
ගුරුතුමිද නුඹම විය 

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

ආයෙමත් ආයෙමත්

  ජීවිතය මරණයට අසල ඇති මොහතකට නැගු ඒ සුසුම් පොද කො කොහෙද සැගවුනේ සුළග නුඹ කියාපන් රුහිරු ‍රත් ලෙයින් පෙගි රතුපාට මිහි තලය තෝ කොහෙද  සැගවුනේ ...