Oct 14, 2011

පොඩ්ඩක් හිතන්න

කවිය............
 
ජීවිතය හිතන  තරම්  සරල නැ උනාට ජීවිතය හරිම ලස්සනයි. ඇයි දන්නවද ? වෙලාවට දේවල් අපිට බලපාන විදියටම දේවල ලස්සන හරි අවලස්සන හරි වෙන්නේ ... අන්න එක හින්ද වෙලාවක අපිට වටින දේවල් වෙලාවක මලම වදයක් වෙන්නෙත් වදයක් වෙන දේම වෙලාවකට වටිනාම වටිනා දෙයක් වෙන්නෙත් .........
එක ඇත්ත අපි ඇත්ත පිළිගන්න කැමති නැ මොකද අපි මිනිස්සුනේ ...
උනාට මොනදේ උනත් මොන ලස්සන හරි වදයක් හරි වෙන දෙයක් උනත් අපිට ඕන වෙනවා කවදාහරි ඕන වෙනවා කියන්නේ කවදාවත්ම කාටවත්ම පුංචියට හරි වරදක් කරන්ට එපා කියලා ...
බනින බනිවි කමක් නැ .. එත් බනින්න යන්න එපා .. ගහන ගහාවි ඒත් ගහන්න යන්න එපා ..වැරදුන එහෙම කාටවත් ගහන්න ඉඩ තියන්න එපා .. අපේ ජීවිතය අපේ. එකට කාටවත්ම පුංචිම බලපෑමක් වත් කරන්ට දෙන්ට එපා .. හැමෝටම තමන්ගේ කියල ජිවිතයක් තියෙනවා හැමෝම ජීවිතය කොහමහරි විදින්ට ඕන .. එත් මතක තියාගන්ට ඕන අපි අපේ ජීවිතය විදින්ට ඕන කියලා. තව කාගේ හරි ජිවිතයක් ඔලුව උඩ තියාගෙන ඉන්නවනම් හරි තව කාගේ හරි ජිවිතයක් අපේ මුළු ලෝකයම කියල හිතාන ඉන්නවනම් හරි හිටියොත් අන්න එදාට අපි පැරදිලා මොකද මේ තරම් ලෝකයේ කවදාවත් එකම මිනිහෙක් වත් දිනුවේ නැ අනුන්ගේ ජිවිතයක් තමන්ගේ ජීවිතය වගේ කරගත්ත . ... මිනිස්සු ඕනේ තම , ආදරය ඕනේ තමා ... එත් අපි කියන්නේ අපි මම කියන්නේ මම .. මම ඉන්න ඕන මට ඕන විදියට මිසක් වෙන යට ඕන විදියට නෙවෙයි මොකද මේ මගේ ජීවිතය මන් ඉපදුනේ හැදුනේ වැදුනේ  මම විතරයි හැමෝම කාලේදී අපිත් එක්ක මුණ ගැහුනා එක විතරයි උනේ.. ඒහැමෝටම තනියම ලෝකේ ජිවත් වෙන්ට බැරි නිසා එත් මතක තියාගන්න කවදාවත් එහෙම අතරමගදී එන යන අය නිසා අපේ ගමන අපේ කැමැත්ත අපේ මිනිස්කම නැතිකරගන්න එපා ... කවදාවත්ම එපා... මිනිස්කම කියන්නේ මහා උතුම් දෙයක් එක විදින්න තනියම විදින්න  .. තේරුම් ගන්න අත් දෙකක් කකුල් දෙකක් ඔලුවක් තිබ්බට මිනිහෙක් වෙන්නෙනෑ කොටින්ම මොලයක් තිබ්බටත් එහෙම තමා ... හැබැයි හොද හදවතක් තියෙනවානම් ..අන්න එතන මිනිස්කම තියෙනවා .. අපි සතූන්  තිරිසනුන් ෙගන් වෙනස් වෙන්නේ එ හදවතින් .  එත් කෑම ටිකකට පුංචි පුංචි වාසි ටිකකට , කෙල්ලෙක්ට  , කොල්ලෙක්ට , ඉඩම් කැල්ලකට  , එහෙමත් නැත්තනම් මිල මුදලකට , ඉර්ෂියාවට අපි ෙවනස් වෙනවනම් අපේ තියෙන මිනිස්කම නැතිකරගන්නවනම් .. තරම් පව්කාරයෙක් තිරිසනෙක් කොහෙවත් නැ මොකද එතන වෙනසක් නැ සතෙක් වෙලා ඉපදුන කියා හරි මනුස්සෙක් වෙලා ඉපදුනා කියලා හරි .. වෙනස තියෙන්න ඕන ස්වරුපයෙන් නෙවේ . ආත්මයෙන් , හදවතින් අන්න ඒක පොඩ්ඩක් හරි හිතට දැනුනානම් ... ගොඩක් වටිනවා ...


Oct 13, 2011

වනය මැද වනගතව

කවිය............


වනය මැද  වනගතව සිටින උන් ඉක්බිතිව
කපා ගති වන පෙතම 
නා ඇසල ‍‍බෝ අතර මොර වීර කෙකටියද
පෙලින් පෙල එකින් එක ..................
කොහෙන්දෝ සිට ඇවිත් එකෙක් කෑ මොර ගසයි 
නවත්තපියව් යකුනේ 
අද පරිසර දිනෙයි .................

වැදි නායක තුමා කරපු කතාවක්

කවිය............
මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි
කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ
යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ
කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු
වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි
කියලා කොහොමද විශ්වාස කරන්නේ.

වෙනස

කවිය............
" ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකටය සමාන යි
බිදුණු දා පුජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි"

ආයෙමත් ලියන්නට හිතෙන්නට දේවල් වෙද්දී
ලියන්න අයෙමත්ම හිතුනා හුග කාලයක් මුකුත්ම 
නොලියා ඉද්දී තනිකමට ආව ගිය හැමෝම ඇහුවා
කිවුවා ලිව්වා ආයේ ලියන්නේ නැද්ද කියලා
මුකුත්ම කිව්වේ නැති මං අ‍යෙම ලියනවා කියන්නේ නෑ
එත් ......................................................







අනේ චේ

කවිය............
කුණුහරුප
විහිලු මැද
ඉඳහිට උගන්වන..
කඩුලු තරඟෙට
පුරුදු කරවන..
ටියුෂන් කඩපොළක
පෝස්ටරයක් මැද
ඉන්නවා නුඹ..
අනේ චේ
උන් නුඹත්
උදුර ගෙන…

ග්ලාස් එක ගනිං

කවිය............
ග්ලාස් එක ගනිං – ඉතිං දා ගනිං
අහස දිහා බලපං
උඹට පේනවද හඳ. ඔව්වොව් බං අර පේන්නේ- ඕකා මං පොඩි කාලෙත් ඔය වගේම පාණ්ඩු පාටයි.
හරි ගමු. හිටපං.
චියර්ස්.
නෑ බං අද පෝයනේ. හොර පොට් එහෙකිං ගෙනාවේ. එච්චර අවුලක් නෑනේ. බයිට් එක ෂේප් නේ?
පුංචිම කාලෙ තාත්තා මාව වඩා ගෙන බෝක්කුව ගාවට යනවා. ඔවු බං නිකං හීනෙං වගේ මතකයි. ඒ කාලෙත් ඕකා ඔය අහසෙ ඔය විදිහටම හිටියා. මූසලයා.
නෑ බං අම්මා එන්නෙ හෙට උදේට. වරු තුනක් සිල් සමාදං වෙනවා.
ඉතිං තාත්තගෙං මං මහ විකාර ප්‍රශ්න අහනවා. හඳ කෝමද එතනට ගියේ? හඳේ වයස කීයද? හඳේ හාවට කන්න උඳුපියලිය කොහෙන්ද? උගෙ හාවි කොහෙද? හඳ ගෑණුද- පිරිමිද?
හරි ගනිං.
ඉතිං මගෙ වදකාර ප්‍රශ්න වලින් බේරෙන්න බැරුවද කොහෙද හැමදාම හවසට තාත්තා බීලා එන්න ගත්තා. ඔව්වොව්. කෝච්චියෙ ප්‍රෙන්තොත් එක්ක සෙට් වෙලා නද වෙන්ඩ දාලා අලුව කප කප ඕං ඔය පාණ්ඩුවා ඉන්න අහස යටිංම එනවා.
එදායිං පස්සෙ හඳ ගැන මම කාගෙන්වත් ඇහුවෙ නෑ. මට හඳ පාහර බල්ලෙක් වගේ පේන්න ගත්තා. මචං මං ඔය කාලෙ පොඩි පොඩි රචනා ලියලා මිහිර පත්තරේට යවනවා. තාත්තා මිහිර පත්තරේ ගේනකල් මමයි හඳයි බෝක්කුව උඩ බලන් උන්නා හැමදාම. තාත්තා බීල එන්ඩ වුනාට පස්සෙ මොන පත්තරද?
ග නිං කෝ – යකෝ උඹ ඔය සැන්ඩිනෙ බොන්නෙ-
මං බෝක්කුව උඩ අඬ අඬ ඉන්නව. එච්චර අඬද්දිත් ඔය මල මූසලයා හිනා වෙවී අහසේ ඉන්නවා. ඌට මොකද?
මාළු වල කටු නේ බං? මේ නංගිගෙ වැඩ ඔහොම තමයි.
එතකොට මට ගේ දිහායිං ඇහෙනවා තාත්තා අම්මට ගහනවා. අම්මා කැලේ දිගේ පණ කඩා ගෙන දුවගෙන ඇවිත් මාවත් කිහිල්ලෙ ගහගෙන ගිහිං හැංගෙනවා. තාත්තා ගම පුරාම අම්මව හොයනවා.
මං හෙමීට අම්මව කොනිත්තලා අහනවා අම්මෙ හෙටවත් තාත්තා මිහිර පත්තරෙ ගෙනෙයිද?
අම්මා මගෙ ඔළුව අත ගානවා.
නෑ නෑ මොන පිස්සුද? ඌ නෙමේ හෙලවෙන්නේ. කාලකණ්නියා ඌ උගෙ පාඩුවෙ අහසෙ ඉඳන් බලන් ඉන්නවා.
ඇත්තටම මේ ඇමරිකන්කාරයට පිස්සු බං මේ විකාරෙකට ගියේ අච්චර වියදං කරලා.
කඩල එක කාහං. ඒක ෂේප්.
මිහිර පත්තරේ කවදාවත් රචනාව ගියෙ නෑ.
අම්ම ගාව කඳුළු ඉතුරු වෙලා තිබුනෙ නැති කාලෙක නංගිත් ආවා.
හඳ බලන්න බැරි තරම් බොර පාට වුනා.
අපි ලොකු වුනා.
ඔයවු අස්සෙ මට කෙල්ලෙක් හම්බවුනා. ඒකි මුස්ලිම්.
ඔන්න මදුරුවෙක්. ගහපං.
දැං සීන් එක. මම කෙල්ල පස්සෙ. තාත්තා බොනවා. අම්මා කැලේ. අරූ අහසෙ.
කෙල්ලට පළවෙනි ලියුම ලිවුවෙ බෝක්කුව උඩදි. මෙන්න බොලේ අරූ හොඳට බලං ඉන්නවා. මං උඩ බැලුවා. මේං මට මේ පාණ්ඩුවාව එදා ඉඳං මගෙ කෙල්ල වගේ පේන්න ගත්තා.
ඔවු. මං ලියපු හැම කවියක්ම කෙළවර වුණේ මූගෙන් එදා ඉඳං- හරි ගහපං සිංදුවක්.

සඳ මිදුලට එනවා- ඇගෙ වත සිහිවෙනවා – ආ ආ ආ
සඳ වතුරේ නලවා සතපා – ඇය රෑ එළියේ සැඟවී යනවා

හිටහංකො ඉතුරු ටික කියනකං. දැන්නං ටිකක් බඩු වගේ බං. හූ. අනෙ අනෙ පොඩි ෂොට් එකක් ගනිං තව. අඩො අඩො- ගනිං.
අපි අවුරුදු තුනක් ලවු කෙරුවා. මුස්ලිම් හින්දා ගෙවල්වල බර බරේ. යකෝ ඒකි හඳක් වගේ තමයි. උන්ගෙ එවුං මාව මරන්ඩ හෙවුවා. අපේ එවුං මාව ගෙදරිං එලෙවුවා. ගනිං. තව කාලයි.
දවසක් පාන්දරක අපි යට ඇඳුම් හතරක් සිලි උරේක දාගෙන පැනලා ගියා. අපේම ලෝකයක් හොයා ගෙන. හරියට හරි. මේං මූ. ඔව්වොව් ඕං ඕකා අපි දෙන්නගෙ තනියට කැලේ මැද්දෙං ආවා.
මොනව වුනත් වෙලාවකට හොඳ එකා.
අපි කාත්තන්කුඩියෙ ඒකිගෙ යාළුවෙකුගෙ ගෙදර හැංගිලා හිටියා. එහෙත් මේ හඳම තමයි. අපි දන්න කෙනෙකුට හිටියෙ මූ විතරයි.
ගනිං.
බයිට්නං නෑ මචං.
ඔන්න ඔහෙ ගහමු.
එකිගෙ බඩට දරුවෙක් ආව. අපි හැංගි හැංගි හිටියා. ඔය කාලෙ මං අතට අහු වෙච්චි රස්සාවක් කෙරුව. කවදහරි මගෙ පුතා හඳ ගැන ප්‍රශ්න අහයි කියලා මං බයේ උන්නෙ.
බයිට් නැතුව අප්සෙට් නේ?
බබා හම්බවෙන්ඩ ගිහිං ඒකි මැරුණා. පුතා දවස් තුනයි හිටියෙ. හඳ දකින්නත් කලිං පුතා යන්න ගියා.
මං මළගෙදර ඉවර වෙලා කොළඹ බස් එකක නැග්ගා. මං ජනේලෙං අහස බලං ආවෙ. මෙන්න මූ. මට ආයෙමත් මූව වදකාරයෙක් වගේ පේන්න ගත්තා. ඌ මාත් එක්ක කොළඹ ආව.
හැම දෙයක්ම වුනේ ඌ හන්දා.
නෑ මං අඬන්නෙ නෑ මචං. ගම්මු ලාස්ට් ෂොට්.
මං ගෙදර එද්දි අම්මා හිටියා බෝක්කුව උඩ අඬ අඬ. කොට්ටං ගහේ වැස්සට පාණ්ඩු පාට ගැහිච්චි තාත්තගෙ මරණ දැන්වීම අලෝල තිබුණා. බීල බීල තාත්තා මැරිලා. හඳ ගැන රහස් ඔක්කොම හංගගෙන එයා යන්ඩ ගිහිං.
හඳ අහසෙ හිටියා – වගක්වත් නෑ – තුප්පහියා හතර වටේ තරු වට කර ගෙන මහරජා වගේ ආඩම්බරෙං…
දෙයි හාමුදුරුවනේ.
නැගිටපං
අහසට නැගලා අපි මූව මරමු.
නැ ගි ට පා ං.
අ පි මූ ව ම ර මූ.

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....