May 9, 2016

කවිය

කවිය............



කවිය

ඔයාගේ ඇස් දිහා බලාගෙනම ඉන්න
මන් පෙරුම් පුරද්දී ..
ඒ ඇස් දිහාම ඇහිපිය නොහෙලා
 ඔයා බලා ඉන්නා අපුරුව 

මොකද්ද බන් මේ ජීවිතය ...

කවිය............




මොකද්ද බන් මේ ජීවිතය ...
ෂිට් ...
හැමදේම සල්ලි බන් සල්ලි සල්ලි සල්ලි ....
නිකන් හිතපල්ලා සල්ලි නැත්නම් මොකුත් නැ  ..
වැඩක් නැ බන් ....
මිනිස්සු බල්ලෝ මරලා හරි සල්ලි පස්සේ පන්නගෙන
හති වැටෙනකම් දුවන්නේ ඒ හින්ද වෙන්න ඇති ...
කමක් නැ  බන් ...
මට සල්ලි ඕනි නැ ..බන් ..
ජීවිතය හරියට විදින්න සල්ලි ඕනිම නැ  බන්
මටනම් ......
මහා ලොකු හීන නැ  බන් .....
කාටවත් වදයක් කරදයක් නැතිව ඉන්න තිබුනානම් ඒ ඇති බන් ...

May 6, 2016

එන්න යන්න වන්දනාව ....

කවිය............

හීන මැවෙන ලෝක අතර
පාට  පාට මිහිරි සිහින
එකින් එකට ගුලි කරගෙන
එන්න යන්න වන්දනාව ....

අකුණු ගසා ..
හෙණ පුපුරා ...

යන මාවත හරස් වේවි ...
මග ඇහැරී වෙනස් වේවි ...

නේක බැනුම් ඇනුම් පැදුම්
වට කරගෙන හඩ නගාවී ..

සුමුදු සේල ...
මුතු විල්ලුද ...

යන මාවත නොම තියේවි ..
බොරළු ඇනෙන දෙපා යුගල
රිදුම් දිදී කදුළු දේවි ...

එත් නිබද සත්තයි නුබ
වන්දනාව වැදලා යාවි ......

ගොඩක් සතුටු දවසක්

කවිය............

ගොඩක් සතුටු දවසක් ..මගේ ලියන ඒවාට ගොඩක් ලස්සන කොමෙන්ට් එකක් දුන්නා මගේ ලගම යාලුවෙක් ..ඇත්තටම  ගොඩක් සතුටුයි ...සමහර වෙලාවට ජිවිතයේ අපිට මුණ ගැහෙන ගොඩක් මිනිස්සු එළියෙන් මිනිස්සු උනාට ඇතුලතින් එහෙම නැ ..මිනිස්සුගෙන් වරදකුත් නැහැ ..මේ සමාජේ හැදිලා තියෙන්නේ එකෙක් පරයලා එකෙක් ගොඩයන්න හදන විදියට ..එහෙම ලෝකේ ගොඩක් හොද මිනිස්සු හම්බුනාම ගොඩක් හොද යාලුවෝ හම්බුනාම හිතට දැනෙනවා අපි තනිවෙලා නැහැ කියල ..රත්තරන් හදවත් තවමත්ම මේ ලෝකේ ඉන්නවා කියලා ...ගොඩක් ස්තුතියි යාලු ......ගොඩක් ...

බ්ලොග් එක බලල හොදයි කිවුව යාලුවෙක්ට උපහාර පිණිස කොටන ලද අකුරු පෙළකි .

Dec 5, 2015

මචං අපි බොමු ..

කවිය............

මචං අපි බොමු ..
බියර් එකකට ආතල්  ගන්ට බැහැ  කියලා  පෝස්ටර් ගහන වුනුත් බොනවා බං  හැබැයි වෙනස වුන් බොන්නේ හොරෙන් ...............................
එකත් ආතල්  ඇති මන්  කියන්නේ මචන් බොරු දේවල් ඔලුවේ ගෙන විදවන්ට හොද නැහැ බන් මේ ලයිෆ් එක අද තියෙයි හෙට නැතිවෙයි
කාටවත් කෙළවන්නේ නැතිව ඉන්න තිබුනානම් එච්චරයි බන් ජීවිතය ..සිරා බන්
බොමු බන් අපි ....

අපි හොරකම් කරනවාද  නැහැ බන් .. මිනී  මරනවද නැහැනේ බන් ..
අඩුම තරමේ අපි කාටද බන් වරදක් කරලා තියෙන්නේ නැහැනේ බන් එහෙමනම් බියර් එකක් නෙවේ බන් කසිප්පු බිවුවත් අපි හරියි බන් හරියි  ........
සිරා බන්
බොමු බන් අපි ....
 

නිමක් නොමැති අතීතයක

කවිය............


නිමක් නොමැති අතීතයක
තෙරක් නොමැති ආදරයක
ඔබත් නොමැති මමත් නොමැති
නවකතාව ලස්සනයිද

ඔයත් නැතිව මමත් නැතිව
ඒ කතාව ලියවෙන හැටි 
නුබේ කදුලුත් මගේ කදුළුත්
වහන් වෙලා හිනැහෙන හැටි

ලස්සනයි සුජි මං ෆෝන් එක මං ගාවම තියාගන්නවා ......................

අපහු ලිවිම

කවිය............

අපහු  ලියන්න හිතුනා ගැනවත් අපි ගැනවත්  නෙවේ  හිතට එන හැමදේම ගැන සත්තමයි හැමදේම ගැන 

ගොඩක් දේවල් වෙනස් වුනා   නරකට එත් හැමදෙයින්ම හුගක් දේ ඉගෙනේගත්තේනම් නැහැ අනික එහෙම ඉගෙන ගන්න දෙයකුත් දැනුනෙත් නැහැ

පුංචි වදන් තුනක් හිතට ආවා ..

දෙනෙත් යොමා බලනු මැනවි ජීවිතයක ඇති මහිමය
ගිමන් නිවන නිමේෂයක හුදකලාව තනි මොහොතක
වරක් නොවේ  වරක් යන්න හිතෙයි දන්නවද
අපි කැමතියි අතීතයට

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....