Nov 5, 2013

කවිය: සුසුම්ලමින් සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න

කවිය: සුසුම්ලමින් සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න: කවිය............ සුසුම්ලමින් සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න සෙමින් සෙමින් කියා දෙන්න......ඔයා මෙරක් වටී තවම සැගවුනාට රහසේ...

කවිය............

සුසුම්ලමින් සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න

කවිය............



සුසුම්ලමින් සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න

සෙමින් සෙමින් කියා දෙන්න......ඔයා මෙරක් වටී තවම

සැගවුනාට රහසේම නුඹ

බොද වුනාට හන්තානම

ඔබෙන් ලැබුණු ජීවිතයම

අදත් තාමත් මා සුරැකිව


දන්නවාද ඔයා ඒක........දන්නෙ නෑනෙ ඔයා ඒක

මං තාමත්

කවිය............




මං තාමත් නුඹ හොයනවා නුඹ නැහැ අද ළග

මං තාමත් දුක් විදිනවා නුඹ නැති ලෝකෙක

මං තාමත් මග බලනවා නුඹ එන මග දෙස


නුඹ තාමත් මග හරිනවා පෙම් සුව විද විද

කවිකරලූ මගේ ගිලිහෙන

කවිය............


කවිකරලූ මගේ ගිලිහෙන අකුරු වැල්
ලස්සනලු මගේ ලියවෙන දුක් සුසුම්
පෙම් කරේ සත්තමයි ආදරෙන් උපරිමෙන්

සුන්දරම ආදරේක මතකයන් මේ ඉතින්

නිල් නෙතු තරු මල් ඇහැරුනා

කවිය............

නිල් නෙතු තරු මල් ඇහැරුනා
මුතු පිණි වැස්සට සේදුණා
අහිංසකම ආදරේක හිමිකාරයා මං
අහිංසකම ආදරේක හිමිකාරයා මං

දෙනුවන් කදුලින් තෙත් කළා
හිමි නොවී වෙන් වී ගෙන ගියා
අහිංසකම ආදරේක හිමිකාරයා මං
අහිංසකම ආදරේක හිමිකාරයා මං

විසිරුනා පිණි කැට ඉසිරෙනා
නළ මුදු සුවදක් පැතිරෙනා
මිලිනව ගිය ආදරයක හිමිකාරයා මං
මිලිනව ගිය ආදරයක හිමිකාරයා මං

පපු තුරුලේ හිස හොවාන.....

කවිය............


පපු තුරුලේ හිස හොවාන.....
උරතලයේ සුව විදාන.............
හිනා වෙන්න දැන් නම් බැහැ..
ඔයා නැති නිසා.......

ජීවිතයේ දුක තියාන..........
ආදරයෙන් සිත හඩාන.......
හිනාවෙන්න දවසක් නෑ.....
ඔයා නැති නිසා.................

Nov 16, 2011

කියාපන්

කවිය............

ජීවිතය මරණයට
අසල ඇති මොහතකට
නැගු ඒ සුසුම් පොද
කො කොහෙද සැගවුනේ
සුළග නුඹ කියාපන්

රුහිරු ‍රත් ලෙයින් පෙගි
රතුපාට මිහි තලය
තෝ කොහෙද  සැගවුනේ
පොලව නුඹ කියාපන්

අදුරු රැ ජීවිතය
ඉල්ලමින් සැරි සැරු
කඩු කිනිසි පොරො මැද
රත් වු ගිනි භටෙන්
නික්ම එන ගිනි පුපුරු

සිසිල් දිය බිදක් සේ
සිප අරන් මිය ඇදුණු
කෝ ඒ වීරයන්
කෝ කොහෙද හැංගුවේ
කෑ ගහල හැමෝටම
ඇහෙන්නට කියාපන්

මව් බිමට ආදරෙන්
මව් බිමේ නාමයෙන්
දිවි පිදූ ඒ විරුන්
සගවන්න නැහැ නුඹට
අයිතියක් පිළිගනින්

නුඹ අවට සැරිසරණ
ඒ වීර සුසුම් පොද
මුමුණමින් කොදුරනා
හඩ හෙ‍ාරෙන් අසාපන්

ඒ පුතුන් නැති සොවින්
හඩන මව් පිය හඩට
කන් දෙකෙන් අබිත්තක්
ඉඩ දීල බලාපන්

ආයෙමත් ආයෙමත්
ඉඩ දීල බලාපන්

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....